27 C
Colombo
Sunday, April 11, 2021

බස් අනතුරෙන් පසු පලාගිය ටිපර් රථ රියදුරු සොයා විමර්ශන

පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් ලු‍නුගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් පසු, පලා ගිය බස් රථයට ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ රියදුරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.අනතුරෙන් පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ලුනුගල – බදුල්ල මාර්ගයේ මෙවැනි මාර්ග අනතුරු සිදුවිය හැකි ස්ථාන කිහිපයක් පවතින බවයි වර්තාවන්නේ.

අනතුරට ලක්වූ බස් රථයේ හිමිකාරීත්වය දරන නිශාන්ත ජයවර්ධන ඔහු සඳහන් කළේ අද අනතුරට පත්වූ බස් රථය පැදවූ රියදුරා බිරිඳට අසනීප වීම හේතුවෙන් නිවාඩු ලබා සිට පැමිණ අද බස් රථය ධාවනය කර ඇති බවයි. කෙසේවෙතත් ඊයේ දිනයේදී ඔහු බස් රථයේ සේවය නොකළ ද බස් රථයේ ගමන් කර ඇතැයි ද හිමිකරු කියාසිටියා. මෙම රියදුරා ලුණුගල ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි නතරවී බස් රථයේ සේවය කරන බවයි ඔහු සඳහන් කළේ.

බස් රථයේ සේවයට රියදුරන් තුන්දෙනෙකු සිටින අතර කොන්දොස්තරවරුන් දෙදෙනෙකු ද සිටින බව හිමිකරු ප්‍රකාශ කළා. අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයේ රියදුරා සිද්ධියෙන් පසු පලා ගොස් තිබෙනවා. බස් රථ ප්‍රපාතයට පෙරලීමට පෙර මාර්ගයේ පටු ස්ථානයේ අදාළ ටිපර් රථය නවතාගෙන සිටින අයුරු සී.සී.ටී.වී දර්ශනවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මේ අතර මෙම මාරක බස් රථ අනතුරින් එහි රියදුරා මියගොස් නොමැති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා. රියදුරා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබ් ගැනීමේ සිද්ධියකට අදාළව ඇගේ 21 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගෙන...

සිද්දිකාට වැඩ වරදීද ? – රජයෙන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x