31 C
Colombo
Monday, May 17, 2021

බස් – බස් ගැටුමක් – (වීඩියෝ සහිතයි)

බදුල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයකට මඟ අවහිර කරමින් පෞද්ගලික බස් රථයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිදුවූ අනතුරකින් පසු උණුසුම් තත්ත්වයක් හටගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.

බල්ලකැටුව සිට බදුල්ල දක්වා ධාවනය වන එම ලංගම බස් රථය හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමේ නවතා ඇත්තේ මගීන් නංවා ගැනීමටය.

ඒ අසලට පැමිණෙන කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථය ලංගම බස් රථයට ඉස්සර කර මඟ අවහිර කරමින් නවතා තිබේ.

එහිදී පෞද්ගලික බස් රථය ලංගම බසයේ ගැටීමෙන් බස් රථ දෙකටම හානි ද සිදුවිණි.

අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියදුරු සහ සහායකයා තමන්ට පහරදීමට උත්සාහ කළ බව ලංගම බස් රථයේ රියදුරු පැවසීය.

එය තහවුරු වන්නේ පෞද්ගලික බස් රථයේ සහායකයා යකඩ මුඟුරක් රැගෙන පැමිණෙන ආකාරය අප කැමරාවේ සටහන් විය.

පෞද්ගලික බස් රථයේ රියදුරු පැවසුවේ, තමන්ට ඉස්සර කර යාමට ලංගම බස් රථය ඉඩ නොදුන් නිසා එම තත්ත්වය හටගත් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
3
කුජීතයි !
11
මලපනිනව !
5
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අද කාලගුණ අනාවැකි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු...

කෙරුමෙකු වූ කොස්ගොඩ තාරකගේ අවසන් කටයුතු සිදු වෙයි – ආරක්ෂාව තර කරන්න පොලීසියත් එයි – Video

පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන...

කොත්තමල්ලි නිසා දරු ගැබ අහිමි විය හැකියි – සෞඛ්‍යවේදීන්ගෙන් හෙළිදරව්වක්

පවතින වසංගත තත්ත්වය ආරම්භ වූ මුල් කාලයේ සිට එයට මුහුණ දීම සඳහා කොත්තමල්ලි පානය කිරීමට...

පියා කොරෝනාවෙන් මිය යයි – දින කිහිපයකට කලින් පුතා බලන්නත් ඇවිත්

පුතා විසින් සිය දෙමාපියන් බැලීමට පැමිණි පසුව, සිය පියා මෙන්ම බාප්පා ද මිය ගොස්,...

පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ අවශ්‍ය නැහැ (වීඩියෝ)

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන...

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ.

අද උදෑසන 6 සිට පහත ප්‍රදේශ හුදකලා කර තිබේ.

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x