25 C
Colombo
Friday, May 14, 2021

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කළ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්මෙන් අනතුරක් සිදුව තිබේ.

අද (09) අලුයම සිදුවූ එම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 07දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත්කර තිබූ බව සීගිරිය පොලීසිය පැවසීය.

ත්‍රිකුණාමලයෙන් කොළඹ බලා පැමිණීමට ගමන් ආරම්භකර තිබු බස් රථයක් එලෙස අනතුරට පත්ව තිබුණි.

බස් රථය වෙනත් රථයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී ඇත.

භාණ්ඩ බෑම සඳහා ලොරි රථයේ සවිකර තිබූ කොටස අනතුරත් සමග බස් රථයේ වහලය සිදුරු කරගෙන බස්රථය තුළට ගොස් තිබුණි.

බස් රථ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා එම අනතුර සිදුව ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
 
තුවාලකරුවන් අතර වයස අවුරුදු 03 දැරියක් ද වන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
10
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

තම ජීවිතය පරදුවට තබා අනුරාධපුර බැංකු මංකොල්ලය වැළකූ වීරයා පළමු වරට හඬ අවදි කරයි

අනුරාධපුර නගරයේ පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයන්...

පොලිස් වෙඩි පහරකින් මරු තුරුළට ගිය ඌැරුජුවාගේ කෙරුවාවන් හෙළි වෙයි

නවගමුව කඩුවෙල ප්‍රදේශ දෙවනත් කරමින් පෙරේදා (11 වැනිදා) රාත්‍රියේ රතිඤ්ඤා පිපිරෙන්ට විය. අලූත් අවුරුද්ද...

කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන...

දරු ප්‍රසූතියට මහමෝදර රෝහලට ඇතුළත් වූ බිරිඳගේ මරණය ගැන සැමියා සැක කරයි

පළමු දරු ප්‍රසූතිය සඳහා ගාල්ල මහ මෝදර මාතෘ රෝහලට ඇතුළත්ව සිටි මවක් දරු ප්‍රසූතියේ...

අම්මා රට ගිය පසු නරුම පියා තම දියණියට කල අපරාධය

තම නව හැවිරිදි බාලවයස්කාර දියණිය 2019 වසරේ සිට අවස්ථා කීපයකදී බරපතළ ලිංගික අපයෝජනයට ලක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x