බිරින්දෑවරුන් සහ ස්වාමිපුරුෂයන් හුවාමාරු කරගන්න මුහුණු පොතේ ගිණුම් හැදු ගුවන් සෙබළා

බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයන් හුවමාරු කර ගැනීමේ සංගමය නමින් මුහුණු පොතේ ගිණුමක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගේ ඡායාරූප පළ කර ඊට වදන් එක් කළ බව කියන 25 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියමකර තිබෙනවා.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ බදුරලිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
 
 කාන්තාවන් විශාල පිරිසකගේ ඡායාරූප මීට එක්කර ඇති අතර ඒවා සමග ඉතාමත් අසභ්‍ය වදන් පළකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
 
මේ පිළිබඳව ලැබී තිබුණු පැමිණිලි අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් හමුදා සාමාජිකයෙකු වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ කාන්තාවන්ගේ රූප සමග අසභ්‍ය වදන් පළ කරමින් ලිංගික අතවර කිරීමේ කරුණු මතය.
 
මොහු ඒ සඳහා යොදාගත් ජංගම දුරකථන ආදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

විමල් රථගාය ඇති කොල්ලන්ට අවස්ථාව දෙයි,මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහනයක් එයි

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලස් කරන ලද ජීප් රථයක්...

ලක්ෂ තුනක හොර බීඩි අධිවේගයෙන් යද්දී කොටුවෙයි

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බීඩි තොගයක් දක්ෂිණ අධිවේගී...

සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම...

මවක් තමාට සහ තම දියණියන් තිදෙනාට කල අහස පොළව නුහුලන අපරාධය

සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x