බිරිය විසින් නිදි යහනේදී සැමියාව පරලොව යවයි..

පවුල් ආරවුලක් හේතු කරගෙන නිදි යහනේදීම තම සැමියාව ඝාතනය කළ බව කියන කාන්තාවක්ව අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

ඊයේ (27) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව – රජවත්ත, බටහිර කිරිමැටියාන පදිංචිව සිටි කරුණාරත්න ගණිත නැකතියලාගේ ජයන සම්පත් ජයරත්න (අවු:42) නම් අයෙකි.

මිය ගොස් ඇති අය සහ සැකකාර කාන්තාව අතර නිරන්තර පවුල් ආරවුල් තිබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන පැමිණිළි 30 කට වැඩි ප්‍රමාණයක් කොස්වත්ත පොලීසියට පසුගිය කාලයේ ලැබී ඇති බවයි පැවසෙන්නේ.

27 වැනිදා රාත්‍රීයේද දෙදෙනා අතර පවුල් ආරවුලක් ඇති වී තිබෙන බවත්, එම අවස්ථාවේදී බිරිද විසින් සැමියාගේ මුහුණ රෙදි කඩකින් තද කිරීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
29
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
6
3.svg?v=2.6
හම්මෝ !
15
31.svg?v=2.6
මාර දුකයි !
74
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
28
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

භූ කම්පනයකින් තිදෙනෙකු මරුට

ඉන්දුනීසියාවට අයත් බාලි දිවයිනේ අද උදෑසන ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්...

ඇම්බියුලන්ස් හෙදිය රන්මාලය සොරා ගත්තේ ජීවන බර වැඩි නිසාද?

විශ්‍රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක රෝගාතුර වී රෝහලට රැගෙන යාමට ආ සුවසැරිය ගිලන් රථයක...

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් කෙරේ

අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රැධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා. හිටපු ජනාධිපතවරයා හදිසි...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (18) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x