25 C
Colombo
Monday, June 14, 2021
logo

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්, සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

හෙට (මැයි 22) දින උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශය තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් එළඹෙන මැයි 24 දින වන විට එම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට දින වර්ධනය වන අඩු පීඩන තත්ත්වය මැයි 23 එනම්, අනිද්දා වන විට පීඩන අවපාතයකට ගමන් කිරීම මෙලෙස සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවය. 

මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර එළඹෙන මැයි 26 දින වන විට ඔඩීෂා/ බටහිර බෙංගාල බොක්ක, ට්‍රොපිකල් වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

එබැවින්, අද (මැයි 21) දින සිට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

තව ද මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවයි. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි. මී. 35-45 පමණ වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 20-40 පමණ වේ. 

ගාල්ල සිට හම්බන්තොට දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-40 අතර වේ. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විටින් විට රළු ස්වභාවයක් ගනී.

ඒ හැර, සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවල දී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අද කොවිඩ් එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

වැලි සොයා ආණ්ඩුව මුහුදට බහින්න සැරසෙයි

අණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති 13ක් උග්‍ර අර්බුධයකරජය විසින් වසර 2025 දක්වා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති...

තවත් ආසාදිතයන් 1633ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1633ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත්...

ඔබත් සැලකිලිමත්වන්න – විශේෂ දැනුම්දීම මෙන්න

ඉදිරි පැය කිහිපයේදී මීගමුව සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ දකුණු...

අත්‍යවශ්‍ය කරුණකට හැර රෝහලට එන්න එපා කොවිඩ් ප්‍රතිකාර පමණයි

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x