බොහෝ සිසුවියන් බිය ගන්වා මුදල් ලබාගත් අනංගයට වැඩවරදී

පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට තැත් කළ තරුණයෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක රවටා ඇයගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන පසුව රුපියල් 45,000ක් ලබාදෙන ලෙසට මොහු එම සිසුවියට තර්ජනය කර තිබේ.

පසුව අදාළ සිසුවියගේ මව, දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මෙම පාසල් සිසුවිය මාර්ගයෙන් සැකකරු දඹුල්ල ප්‍රදේශයට කැඳවා, පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු තවත් තරුණියන් සමඟ ලබාගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එහි තිබූ බවටයි අනාවරණ වී ඇත.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
4
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
4
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්