28 C
Colombo
Tuesday, September 21, 2021

භයානක ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් ඇඟ කිලිපොලායන අනාවරණයක්

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ට වයිරසය වෙනත් පුද්ගලයකුට පැතිරවීමේ හැකියාව ආරම්භ වී දින 2 ක් ගතවනතුරුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව අන්තර්ජාතික නේචර් (Nature) සඟරාව අනාවරණය කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මීට අදාළ වාර්තාව උපුටා දක්වා ඇති අතර, එම වාර්තාවට අනුව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන බෙන්ජමින් කව්ලිං මීට අදාළ අධ්‍යයනයක නිරතව ඇත.

එම අධ්‍යයනයේදී හෙළිවී ඇති ආකාරයට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මතුවීමට පෙර වයිරසය ව්‍යාප්තවීම පැහැදිලිවම ආරම්භ වේ. ඒ අනුව මෙම ප්‍රභේදය ‘වැළැක්වීම වඩාත් අපහසු’ බව බෙන්ජමින් කව්ලිං ප්‍රකාශ කර තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය පැමිණීමට පෙර සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට රෝග ලක්ෂණ මතුවීමට දින 6 කට වඩා ගතවන අතර පස්වන දිනයේ මැද භාගයේදී වයිරස ව්‍යාප්තිය (බෝකිරීමේ හැකියාව) ඇතිවේ.

එහෙත් ඩෙල්ටා ප්‍රභේදයේදී වයිරස ව්‍යප්තිය සහ රෝග ලක්ෂණ පෙන්වීම අතර දින කිහිපයක පරතරයක් පැවැතීම බරපතළ තත්ත්වයක් බව මෙම පර්යේෂණය අනාවරණය කරයි. එසේම මෙම පර්යේෂණයට සහභාගි වූවන්ගෙන් 74% කටම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත පුද්ගලයන්ගෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
7
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
20
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
7
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහින්දට වඩා ගෝඨා හොදට කලා – නාලක ගොඩහේවා

ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා...

ශිෂ්‍යත්වය ලියන්න බලන් ඉන්න දරුවන්ට ආරංචියක්

උසස් පෙළ විභාගයට ඇයැදුම් පත් ඉදිරිපත් කිරීමට තීරණය ගැනීමත් ශිෂ්‍යත්ව විභාගයට අයැදුම් පත් ඉදිරිපත්...

ශ්‍රී ලංකාව ගැන හදිස්සියේ ජපානය ගත් තීරණය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර...

කහතුඩුව ප්‍රදේශයේ ළිංවලින් තෙල් මතුවෙයි! හේතුවත් සොයාගනී

කහතුඩුව, කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10ක පමණ ළිං වලින් තෙල් මතුවී ඇතැයි වාර්තා වනවා. දින කිහිපයක සිට...

දකුණු අප්‍රිකාව සමඟ T20 තරගාවලියේ පාවාදීමක්ද?

ඊයේ අවසන් වුන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x