මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්.

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ සියුම්ව ලැගුම් ගත්තේ නිරායාසයෙනි. සුළඟටත් වඩා වේගයෙන් දඟ කළ, පුංචි කතුරක් වගේ කියවූ දඟමල්ල ඉන්පසු ඒ සොඳුරු මතකය අලුත් කළාය. ඒ පුංචි කෙල්ල කාලයත් සමඟ යුවතියක් වුණත් හිතේ ඇ¾දුණු පුංචි දඟමල්ල තවමත් පුංචියට ලැගුම් ගෙන ඇත්තේ පුදුමාකාරයි. ඇය නතාශා පෙරේරායි. හදගැස්ම පත්තිරුව අද සරසන්නේ ඇයයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ආරාධනා ලැබෙන වැඩසටහන්වලට සහභාගි වෙනවා. ඊට අමතරව වෘත්තීයමය කටයුතු කරමින් සතුටින් කාලය ගත කරනවා.

විවාහයෙන් පස්සේ කලා කටයුතුවලට වාරණයන් වැටුණද?

ඊට හේතුව විවාහයෙන් පසුව විදේශගත වීමට සිදුවීමයි. ස්ථිර පදිංචියට මං ඕස්ට්‍රේලියාවට ගියා. නිවාඩුවට ලංකාවට පැමිණිලා දැන් අවුරුදු එකහමාරකට ආසන්නයි. දැන් දිගටම ලංකාවටම වී සිටින්නයි බලාපොරොත්තුව. ඒ හේතුව නිසා ආරාධනා ලැබුණු නිර්මාණ ගණනාවක් මට මඟහැරුණා. ඊට කලිනුත් කලා නිර්මාණ කිහිපයක්ම 

මඟඇරුණේ අධ්‍යාපන කටයුතු නිසායි. 2015 නීතිඥවරියක් වීම හා විදේශගත වීම වැනි සාධක නිසා කලාවෙන් පුංචි විරාමයක් ගන්න මට සිදු වුණා.

කලාවෙන් විරාම ගැනීම තුළ ජනප්‍රියත්වයට බාධා ඇති වුණේ නැද්ද?

ඕනෙම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ කියන සත්‍ය මං තේරුම් අරගෙනයි සිටින්නේ. ජනප්‍රියත්වයටත් එය පොදුයි. සුළඟක් වී මං යනවා ගීතය කරලා අවුරුදු විස්සක් ගතවී හමාරයි. ජනප්‍රියත්වය එදා මෙන් අදත් එලෙසම පවතින්නෙ නැහැ කියලා මම දන්නවා. එය සාමාන්‍ය දෙයක් වගේම ලෝක ස්වභාවය. මං ලොකු නිර්මාණ ප්‍රමාණයක් නොකළත් තවමත් මිනිසුන් මට ආදරය කිරීම පුදුම සහගතයි. එය මං ලද විශාල භාග්‍යයක්.

දඟමල්ල හා බැඳුණු ප්‍රේක්‍ෂක ආදරය තවමත් එලෙසම පවතිනවා කියා විශ්වාස කරනවාද?

දඟමල්ල ටෙලි නාට්‍ය විකාශය වෙලා අවුරුදු 17කට ආසන්නයි. එය මෑතකදී විකාශය වුණේ අවුරුදු 15කට පසුවයි. කාලයකට පසු වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ දඟමල්ල ආයෙත් විකාශය වෙන්නේ නැද්ද කියන පැනය නොඇසූ දිනයක් නැති තරම්. ඒ තරම් දඟමල්ල වැලඳ ගත් පිරිස විශාලයි. ඒ ආදරේ තවමත් තිබෙනවා කියා මට දැනෙනවා.

ඇඟ මගේ නම් ඇ¾දුම් මගේ නම් කාටවත් ඇයි වේදනා කියන සංකල්පය මත ඉඳන්ද ඔබ ෆැෂන් කරන්නේ?

නැහැ මට කැමැති නැත්නම් මගේ ටචඵඩඪධද වලට කැමැති නැත්නම් බලන්න එපා කියන සංකල්පයේ මම නැහැ. ප්‍රේක්‍ෂකයන් හා රසිකයන් නිසයි මම මෙතන ඉන්නේ. එයාලා අපව ප්‍රතික්ෂේප කරන දවසට අපේ පැවැත්ම ක්ෂේත්‍රයේ ගොඩනඟා ගන්න අපහසුයි. සුළුතරයක් චෝදනා එල්ල කළත් බහුතරයගේ ආදරය  මට හිමිවී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මම ලස්සනට ෆැෂන් කරනවා. මට ආදරේ කරන මිනිසුන් වෙනුවෙනුයි මම ෆැෂන් කරන්නේ.

ලංකාව වගේ සංස්කෘතික රටක ජීවිතය විඳීම, ෆැෂන් කිරීම වැනි කාරණා නිදහසේ කිරීමට අපහසුද?

එය  දකින කෙනාගේ කෝණය මත වෙනස් වෙනවා. සංස්කෘතිය, සදාචාරය කියන තැනදී යම් යම් වාරණයන් පැනවෙනවා. තැනට සුදුසු ලෙස විලාසිතා කිරීම තුළ එකී තත්ත්වයන් උද්ගත වෙන්නේ නැහැ. මං කලාව තුළ ජීවත් වෙන කෙනෙක් වගේම ෆැෂන් කරන්න ගොඩක් කැමැති කෙනෙක්. සුළුතරයක් විවිධ චෝදනා එල්ල කළත් බහුතරයක් ඒ ෆැෂන් ෆලෝ කරනවා. ඒ පිළිබඳව කාගෙවත් කතාබහට ලක් වෙන්නෙත් නැහැ. කලාව තුළම විලාසිතා කළත් නීතිඥ වෘත්තිය තුළදී මම මේකප් භාවිත කරන්නෙත් නැහැ. එක් එක් අවස්ථාවලදී අපට එහි ස්වභාවයට හැඩගැසෙන්න පුළුවන්නම් එය ගැටලුකාරී තත්ත්වයක් නෙමෙයි. 

ෆැෂන් කරන්නේ foreign celebrity කෙනකුව ෆලෝ කරලද?

මං විදේශීයව ජීවත් වුණු කෙනෙක් විදිහට ඒ රටේ විලාසිතා මම දැක්කා. ලෝකයේ විලාසිතා මං දෑසින්ම අත්දුටුවා. ඒ නිසා කාවවත් මා ෆලෝ කරන්නේ නැහැ. මට ගැළපෙන ෆැෂන් ෆලෝ කරන්න මම මැළි වෙන්නෙත් නැහැ.

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන මඩ ප්‍රහාර, චෝදනා කාන්තාවක් ලෙස දරාගත්තේ කොහොමද?

ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවා නම් ඔසවා තැබීම් වගේම මඩ ප්‍රහාර  දරා ගන්නට හැකි විය යුතුයි. වර්ණනා කරනකොට ඉදිමෙන්නත් මඩ ප්‍රහාර එල්ල කරනකොට මානසිකව 

ඇදවැටෙන්නත් අප පුරුදු පුහුණු වුණොත් ජීවත් වෙන්න අපහසුයි. ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමයි බෞද්ධාගමේ හරය. එය හුදෙක් සාමාන්‍ය දෙයක් ලෙස සාධාරණීකරණය කරගන්න පුළුවන් නම් ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න පමණක් නෙමෙයි ජීවත් වෙන්න පහසුයි.

රූපය වෙනස්වීම ගැන ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරුණා. ඔබ ඒ පිළිබඳව දරන මතය මොකක්ද?

තවමත් විවිධ කටකතා පැතිරෙනවා. මම එය ඉදුරා ප්‍රකාශ කළත් මිනිසුන් පිළිගන්නේ තමන්ට අවැසි දේ පමණයි. මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්. මගේ නම භාවිත කර විවිධ එන්නත් වර්ග අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙනවා. මම ඔවුන්ට පෞද්ගලිකව කතා කරල එය නිවැරදි කළා. ෆැෂන් කරන්න වගේම ලස්සනට ඉන්න අවශ්‍යයි. නමුත් ඇතැම් ආලේපනවලින් සිදුවන හානිකර තත්ත්වයන්වලට ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා ස්වාභාවික රූපලාවණ්‍ය සත්කාරවලින් සම පැහැපත් කර ගැනීමයි වඩාත් වැදගත්.

කලාව තුළින් ආර්ථිකය ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා නොගත්තේ එයින් පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසු නිසාද?

 මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ළමා ගායිකාවක් විදිහට.  කලාවත් එක්ක අධ්‍යාපන කටයුතු සමබර කරගන්න මට හැකි වුණා. මං කවදත් කලාව කළේ අර්ධකාලීනව. ඒ නිසා  ඉදිරියේදිත් අධ්‍යාපන  සුදුසුකම් මත  වෘත්තීය කටයුතු කරමින් කලා කටයුතුත් කැපවීමෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අනාගතයේදී වැඩ කටයුතු කිරීමට කැමැති අධ්‍යක්ෂවරුන් සිටිනවාද?

ලංකාවේ ඉහළින්ම සිටින ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන් වගේම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා මට ලැබුණා. එකී කාරණය තුළදී මං ගොඩක් වාසනාවන්තයි. නමුත් මට ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. ඒ නිර්මාණවලින් බිහිවූ රංගන ශිල්පිනියන් දැන් ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන සිටිනවා. නමුත් ඒ ගැන මට කිසිම දුකක් නැහැ.

පවුලට තුන්වැන්නෙක් එකතු කරගන්න දැන් හොඳම කාලය නේද?

දැනට නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මුලින් ස්ථාවර තත්ත්වයට පත්වෙලා ඉන් පස්සේ ඒ ගැනත් හිතන්න බලාපොරොත්තු වෙනවා.

මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
2
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්