Central Bank Central Bank

මං හිතන්නේ විජය මුහුදට පනීවි – හිටපු ජනාධිපතිනිය කියූ කතාව

අද (16) පෙරවරුවේ කටුනායක සීදුව විජය කුමාරතුංග සමාධිය අසළදි අභාවප්‍රාප්ත විජය කුමාරතුංග මහතාගේ 33වන ගුණානුස්මරණ උත්සවය පැවැත්වුණේ කුමාරතුංග මහතාගේ බිරිද වු හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ලංකාව අදවන විට චීනයේ යටත් විජිතයක් වී අවසන් බවත් ඇගේ පාලන සමයේ ජීවිතය පරදුවට තබා නිර්මාණය කළ රට යළි පස්සට ගොස් ඇති බවත් එතුමිය ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය,

අපි හදනවා. කවුරුහරි ඇවිත් විනාශ කරනවා. ඉතින් මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ, උගත්, හොරකම් නොකරන, දේශපාලනය බිස්නස් එකක් නොකර ගන්න, අවංකව තමන්ගේ වියදමින් රටට වැඩකරලා වාරයක් ඉඳලා ගෙදර යන කෙනෙක් ඕනේ. එක එක්කෙනාගෙ අත්වල එල්ලිලා යන දේශපාලනඥයින් ඉන්නෙකම් අපේ රට කරන්න බෑ. අපි හැදුවා, හැදුවා. ජීවිතයත් පරදුවට තියලා. දැන් ඔක්කොම අයෙත් අනෙක් පැත්තට හැරිලා. විජය හිටියා නම්.., විජය මං හිතන්නේ ගිහින් මුහුදට පනිනවා.” හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්