26.4 C
Colombo
Saturday, May 15, 2021

මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

තමන්ගේ ආසනේ කම්කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට කසිප්පු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් ඔහු මෙසේ අදහස් පල කරයි. ‘මම කීවේ මහා පරිමාණයෙන් කරන අය අල්ලන්න කියලා. මගේ ආසනේ ගඩොල් පෝරණු තුන්සීයක් විතර තියෙනවා. උළු මෝල් තියෙනවා. කම්කරුවෝ විශාල පිරිසක් ඉන්නවා. මේ අයට තමයි කසිප්පු අවශ්‍ය. මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න දෙන්න කියා මම කිව්වේ නෑ. ජනතාව ස්වයං රැකියාවක් දීලා සුළු පරිමාණ කසිප්පු නිෂ්පාදනයෙන් මුදා ගන්නා ලෙස මම ඉල්ලා සිටියා’

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සම්බන්ධයෙන් ද ඔහු එහිදී මෙසේ අදහස් පල කරයි. ‘එතුමා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. මම කරපු චෝදනා නෙවෙයි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩු. මානව හිමිකම් කොමිසමේ තියෙන නඩු. තුවක්කු දාලා මිනිස්සු අල්ලලා තියෙනවා. කුඩා පරිමාණයෙන් කළ අයට හිරිහැර කරලා තියෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයා කසිප්පු ව්‍යාපාරය නතර කරන්න දරන වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවට පත්වෙලා. මම ඒක නිසයි ලිපියක් යැවුවෙ.

කසිප්පු ව්‍යාපාරය නැවැත්විය යුතුයි. කුඩා පරිමාණයෙන් කසිප්පු නිපදවන අය පුනරුත්තාපනය කළ යුතුයි. කිසි ලෙසකින් කසිප්පු පෙරන්න ඉල්ලීමක් කළේ නැහැ. කසිප්පු නීතියට පටහැනියි’

lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
8
හම්මෝ !
3
මාර දුකයි !
2
කුජීතයි !
19
මලපනිනව !
4
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සුවය ලබන කොරෝනා රෝගීන්ට ආසාදනය වන තවත් මාරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින්...

තවත් පොලීසියක 10කට කොවිඩ්

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබේ.ඊයේ (07)...

කොවිඩ් ආසාදිත පුත්‍රයාව හොර රහසේ විභාගයකට ගෙනිහින් මාමාට සිදු වු දේ

කොරෝනා ආසාදිත 14 හැවිරිදි පාසල් සිසුවෙකු   විභාගයක් සඳහා රැගෙන ගිය එම සිසුවාගේ මාමාට  එරෙහිව...

දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම්...

කොවිඩ් පරදන්න හිටපු අගමැති රජයට දුන්නු උපදෙස

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට අදාළ සියළු බලතල ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බව...

රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x