29 C
Colombo
Monday, June 21, 2021
logo

‘මට හුස්ම ගන්න බෑ’ කියූ අම්මා නිවස තුළ කොවිඩ් මාරයාට බිලිවෙයි

සිය නිවස තුළ හදිසියේ මියගොස් සිටි අහංගම ප්‍රදේශයේ  කාන්තාවකගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව බව අනාවරණය වී තිබෙනවා. 

ඒ ඇගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙය අනාවරණය වූ බවයි ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා පවසන්නේ. 

මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි සිව්දරු මවක්. 

මෙම කාන්තාව අධි රුධිර පිඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව යන රෝග හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබාගනිමින් සිට තිබෙනවා. 

සිය නිවස තුල සිටිය දී හුස්ම ගැනිමට අපහසු බව ප්‍රකාශ කොට ඇති ඇය ඉන් සුළු මොහොතකට පසුව මියගොස් ඇති බව සඳහන්. 

ඇගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ගෙන ආ පසු සිදු කළ PCR පරීක්ෂණයක දී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් 19 ආසාදිතව සිට ඇති බවට යි. 

කාන්තාවගේ මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් ද, පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා මහතා විසින් ද සිදුකරනු ලැබුවා. 

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා තීරණය කළේ මෙම මරණය කොවිඩ් නිව්මොනියාව හේතුවෙන් සිදු වූ බවට යි.

– ලලිත්  චාමින්ද –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
23
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් ආසාදිතයින් 100කට ලංකාවේ මැරෙන සංඛ්‍යාව මෙන්න

කොවිඩ් තුන්වන රැල්ලේ ව්‍යාප්තිය සිදුවූ පසුගිය අප්‍රේල් මාසය තුළ රජය තහවුරු කළ සමස්ත කොවිඩ්...

කොවිඩ් ආසාදිතයින් 1731ක්

අද (21) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල්...

සත්තු වත්තේ තත්ත්වය දරුණු අතට – නවතම තොරතුරු මෙන්න

තෝර් හුදෙකලාවේදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටින “තෝර්” නමැති සිංහයාට කොවිඩ් 19 ආසාදනය වූ බවට...

ආචාර්ය නිමල් සමරසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රි ලංකා පරිපාලන ‍සේවයෙහි හිටපු ප්‍රවීනයෙකු සහ ඉතිහාසය, ජනශ්‍රැතිය සහ නීති ක්ෂේත්‍රය පිළිබඳව කෘතීන්...

ශ්‍රී ලංකාව වසංගතයේ උපරිමයට පැමිණෙයි

මේවන විට මෙරට කොවිඩ් 19 වසංගත තත්ත්වය උපරිම ස්ථානයට පැමිණ ඇති බව ශ්‍රී ලංකා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x