27 C
Colombo
Thursday, April 22, 2021

මන්ත්‍රී මනූෂගේ ෆේස්බුක් සටහනට හිටපු බිරිඳ රොෂානාගෙන් ලැබුන සැර පිළිතුර

අපේ රටේ ඉන්න ජනප්‍රිය නිලියක් වන රොෂානා ඔන්ඩච්චි විවාහ වී සිටියේ මන්ත්‍රී මනූෂ නානායක්කාර සමග බව කවුරුත් දන්නා කරුණක් වෙනවා . මේ වෙනකොට ඇය තම දියණිය සමග තනිවම කල් ගෙවනු ලබනවා. ඊයේ දිනට යෙදී තිබූ කාන්තා දිනය වෙනුවෙන් මන්ත්‍රී මනූෂ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක කර තිබුණා .

එම සටහන් පහතින් .
Manusha Nanayakkaara
ජාත්‍යන්තර කාන්තා දිනය අපි අද සමරනවා. කාන්තා දිනය දවසේදී විතරක් නෙමෙයි, අවුරුද්දේ හැම දවසකම මගේ ජීවිතය පිටුපසින් සිටින, කාන්තාවන් දෙදෙනෙක් මට මතක් වෙනවා.
එක් අයෙක් තමයි මගේ අම්මා. අනෙක් කෙනා තමයි මගේ බිරිද.
දේශපාලනය කිරීමේ වරදට මට මගේ පියා අහිමිවුනේ මට අවුරුදු එකොළහේදී. එතකොට මගේ මල්ලි ගොඩක් පොඩියි. එදා ඉදලා මමටයි, මල්ලිටයි, අක්කටයි හොද අධ්‍යාපනයක් ලබාදීලා සමාජයට වැඩදායී පුද්ගලයින් බවට පත් කරන්න අම්මා නොවිදි දුකක් නැහැ. ගුරුවරියක් විදියට සමාජයේ තවත් දූ දරුවන් රැසකගේ දෑස් පෑදූ ඇය මගේ ජීවිතය ඉදිරියට යන්න, මා පිටුපස සිටි සෙවනැල්ල වුනා. තාත්තා අහිමි අපේ පවුලේ බර කරට ගත් ඇය සැබෑම දිරිය කාන්තාවක්.
කාන්තාවන්ගේ ධෛර්ය ඒ තරම් ශක්තිමත්. සමාජයක් විදියට අපි කාන්තාවන්ට නිසි ඇගයීම, ගරුත්වය ලබාදිය යුතුමයි.
ඒ වගේම තමයි මගේ බිරිද, ශානිකා. ජීවිතයේ ජය පරාජයන්, දුක සැප හමුවේ එක ලෙසම මා හට ශක්තිය ලබාදෙන්නී ඇයයි. මට ආදරණීය බිරිදක් වන අතරම මා දරු තිදෙනාට ආදරණීය මවක් වන ඇය අපේ ජීවිත සෙවනැල්ලමයි. ඇය අපට ශක්තිය ලබාදෙන්නේ දහසක් දුක් කම්කටොළු විද දරාගැනීමට කාන්තාවට ඇති ශක්තිය පෙන්වමින්.
මවක්, බිරිදක්, දියණියක් වන කාන්තාව, සමාජයක් ලෙස අප අවබෝධ කරගත යුතු වන්නේ සමාජයේ ඇයට හිමි නිසි තැන ලබා දෙමින්. කුඩා වරදකදී පවා, කාන්තාවන් වෙත, අපවාද, අවලාද, චෝදනා ගොන්නක් ගොඩගසනවා වෙනුවට ඔවුන්ට නිසි ඇගයීම, වටිනාකම ලබාදීමට අප හුරුවිය යුතුයි.
ඒ වගේ දිරිය කාන්තාවන් වෙන්වූ ජාත්‍යන්තර කාන්තා දිනය අපි සැමරුවත්, කාන්තාවන් වෙනුවෙන් අපේ වගකීම අද දවසට සීමා කරන්න බැහැ. වෘත්තීමය දේශපාලඥයෙක් ලෙස මම හැමදාමත් ප‍්‍රතිපත්ති සම්පාදනය ඇතුළේ කාන්තාවන් වෙනුවෙන් කළ හැකි දේ කළා. හෙටත් ඒ වෙනුවෙන් වන ප‍්‍රතිපත්තිමය දායකත්වය ලබා දෙනවා.
ඒ පවුලක් පමණක් නොව යහපත් සමාජයක තිර පැවැත්ම තීරණය වන්නේ කාන්තාව විසින් ඉටු කරන මහගු කාර්යභාරය නිසා බව හොදින්ම අවභෝධ කරගෙන සිටින නිසා. ඒ වෙනුවෙන් කැපවූ ලාංකේය කාන්තාවන්ට ලොව දිනන්ට ශක්තිය ලැබේවායි ජාත්‍යන්තර කාන්තා දිනයේදී සුබ පතනවා

ඔහුගේ පෙර විවාහයේ බිරිඳ වන රංගන ශිල්පිනී රොෂානා ඊට ටිකක් සැර ප්‍රකාශයක් කරමින් සටහනක් තබා සමාජ මාධ්‍යට මුදා හැර තිබුණා .

එම සටහන් පහතින් .

Screenshot 20210309 101408 | Gossip Lanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනපති අගමැති අවුරුදු සැමරුම

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳ හෙළ...

සංඛ දිනෙත්ට අලුත් අවුරුද්දට ලැබුණු අලුත් තෑග්ග

දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක් වූ සංඛ දිනෙත්ට අලුත් අවුරුද්දේ ලස්සන තෑග්ගක් ලැබිලා. ඒ ඔහුගේ...

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේදී දේශපාලන හස්තයන්ගේ බලපෑම් තිබුනා – අයේශා බස්නායක (වීඩියෝ)

රූ රැජින තේරීමේ තරගයේදී විවිධ දේශපාලන හස්තයන්ගේ බලපෑම් ක්‍රියාත්මක වූ බව එම තරගයේ දෙවැනි...

Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු කල නිවේදකයාගේ රැකියාව අහිමිවෙයි

මතභේදකාරී ලෙස අවසන් වූ Mrs. Sri Lanka අවසන් තරඟයේ නිවේදන කටයුතු සිදුකල ජොයෙල් ෆැබියන්...

නම ඈදුනු ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ගැන ගයාත‍්‍රී ඩයස් කියයි

රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එනවා. විටෙක...

ජනප්‍රිය නිලි තරුකා අම්මාගේ උපන් දිනය සමරුවේ මෙහෙමයි

අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ . ටෙලිනාට්‍ය වගේම ගීත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x