26 C
Colombo
Monday, September 20, 2021

මරණ සම්භාවිතාව 88%ක ඉහළ අගයකින් යුත් වෛරස ප්‍රභේදයක් වාර්තා වෙයි

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති වෛරස් රෝගය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි. එහි පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ Matshidiso Moeti ප්‍රකාශ කළේ.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. 

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගලා එන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
7
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
13
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
83
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

විසඳුමක් ලැබෙන තුරු ගුරු වැඩවර්ජනය දිගටම කරනවා – ජෝශප් ස්ටාලින්

ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස්...

සුරාසැල් විවෘත කිරීම පිළිබඳ නවතම අදහස්

ඔක්තෝබර් පළමු වනදා තෙක් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීම මගින් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක...

රෝහලක් තුල අත්බෝම්බයක් හමුවෙයි

නාරාහේන්පිට පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් අද දහවල් සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ...

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා...

රනිල්ට වාරණ නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණ විනිසුරු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x