32 C
Colombo
Tuesday, April 20, 2021

මවයි අනියම් සැමියයි එක් වී දරු දෙදෙනා මතට හුරු කර අපචාර වැඩට විකුණලා

මව අනියමි සැමියා සමඟ එක්ව 11 හැවිරිදී හා 14 හැවිරිදී දරුවන්‌ දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුකර මුදලට ලිංගික අපයෝජනයේ යෙදවීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය පොලිසීයේ ළමා හා කාන්තා කාර්්‍යයංශය පරික්ෂණයක්‌ ආරමිභ කර ඇතැයි ශාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
දරුවන්ගේ පියා මව හැර ගොස්‌ සිටින අතර දරුවන්‌ දෙදෙනා මිත්තණිය විසින්‌ හදා වඩාගෙන ඇති බවත්‌ අනාවරණය වී ඇත. දරුවන්ගේ මව මොරටුව ප්‍රදේශයේ ජීවත්‌ වෙමින්‌ අනියම්‌ සැමියා සමග එක්ව ඉතාමත්‌
රහසිගත ආකාරයට දරුවන්‌ දෙදෙනා මුදලට ලිංගීක කටයුතු සඳහා යොදවා ඇති බවට කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව ඇල්පිටිය ළමා හා කාන්තා කාර්යාංශය විසින්‌ මෙම පරීක්ෂණ ආරම්භ කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන්‌ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතංගෙන්‌ විමසූවිට කියා සිටියේ ළමයින්‌ දෙදෙනා කළ ප්‍රකංශ අනුව ඔවුන්‌ රැගෙන ගිය භෝටල්‌ සහ නිවාසවලට ද ගොස්‌ පරික්ෂණ පවත්වා සත්‍යතාව තහවුරු කර ගැනීමට පියචර ගන්නා බවයි. ළමයින්‌ දෙදෙනා ඊයේ කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත්‌ කර වාර්තාවක්‌ ලබා ගැනීමට නියමිතව තිබිණ.

ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන්‌ වෙදසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වයි.එල්‌. ලීලවංශ මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්පිටිය පොලිසියේ ළමා හා කාන්තා කංර්යංශය වැඩිදුර
පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
9
කුජීතයි !
11
මලපනිනව !
43
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

උතුරේ තරුණයින් අත්අඩංගුවට ගැනීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින්...

තවත් පොල්තෙල් බහාලුම් තොගයක් ප්‍රතිඅපනයට පියවර

ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරි සතිය තුළදී ප්‍රතිඅපනයනය කරන බව, පාරිභෝගික...

ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.අද...

කොරෝනා වෛරසය ගැන සෞඛ්‍ය සංවිධානයෙන් සුබ ආරංචියක්

ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය කිරීමට ලෝකය සමත් වනු ඇති...

මහරගම නගර සභාවේ මන්ත්‍රීවරියකට තවත් මන්ත්‍රීවරියක ගෙන් ප්‍රහාරයක්

මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන...

වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x