මසකට අධික කාලයක් පැවති නිරෝධායන ඇඳිරිනීතිය අද සිට ඉවතට

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ.

දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි.

රට තුළ පැවැති කොවිඩ් -19  වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරිමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (30) නිකුත් කර තිබුණි.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 04.00 දක්වා අවසර හිමි නොවන අතර මහජන රැස්වීම් පැවැත්වීම තවදුරටත් තහනම් කර තිබේ.

පොදු ප්‍රවාහනයේ දී ආසන ධාරිතාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන කටයුතු සඳහා වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු බව අදාළ මාර්ගෝපාදේශ මාලාවේ සඳහන් වේ.

ආයතනවලට කැඳවන සේවකයින් ගණන සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතු බව මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

ඒ අනුව රැකියා, සෞඛ්‍ය, අත්‍යාවශ අවශ්‍යය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පමණක් නිවසින් පිටවයාමට අවසර හිමි වේ.

නිවෙස්වල පැවැත්වෙන සුළු සාද ඇතුළු ගෘහස්ථ, එළිමහන් උත්සව හා එක්රැස්වීම් සඳහා අවසර හිමි වන්නේ නැහැ.

ලබන 15 වනදා දක්වා විවාහ මංගල උත්සව ලියාපදිංචිය පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි අතර 16 වනදාට පසුව විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව උත්සව ශාලාවේ ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිමය පුද්ගලයින් 50කට සීමා  වන පරිදි එම උත්සව පැවැත්විය හැකි නමුත් මත්පැන් භාවිතයට අවසර හිමි නොවන බවයි මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

කොවිඩ් ආසාදිත නොවන පුද්ගලයෙකු අවමංගල අවස්ථාවකදී දේහය මුදාහැර පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු අතර ඕනෑම වේලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 10 දෙනෙකු පමණක් බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

පළමු වනදා සිට 15 වනදා දක්වා අවන්හල් තුළ ආහාර පරිභෝජනයට අවසර හිමි නොවන අතර 16 වනදා සිට සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනිමේ හැකියාව පවතී.

සාප්පු, සිල්ලර වෙළෙඳසැල්, සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳසැල් සඳහා පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 10ක් පිරෙන සේ ගනුදෙනුකරුවන් ඇතුළුකර ගත හැකි අතර ඔක්තෝබර් 16 වනදායි පසු එම ප්‍රමාණය සියයට 20ක් දක්වා ඉහළ නැංවේ.

බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘත කිරීමේ හැකියාව පවතින අතර වේලාවක් වෙන්කර ගැනිමෙන් පසු ඒ සඳහා පැමිණිය යුතු බව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කරන පරිදි 200 අඩු ළමුන් සහිත පාසල් පළමුව  විවෘත කිරිමට නියමිත අතර පෙර පාසල් ළමුන් ගණනින් සියයට 50ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකිය.

විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ද ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරම්භ කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිනමා ශාලා, ප්‍රදර්ශන හා සම්මේලන, උපකාරක පංති යනාදීය සඳහා තවදුරටත් අවසර හිමි නොවේ.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර හිමි නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රැස්වීම් වැඩමුළු හා සම්මන්ත්‍රණ පවතින ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 25කගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි අතර ලබන 16 වනදායි පසු එම සංඛ්‍යාව උපරිමය පුද්ගලයින් 50 දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින බව සඳහන්ය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ සැලකිල්ලට ගනිමින් තවදුරටත් සීමාවන් පැනවීමට හෝ නව සීමාවන් පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව...

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගුරුවරයෙකු අතින් විනාශ වෙයි

14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම දැරිය...

ජෝතීර්වේදීයෙකු පවුලක් විනාශ කල හැටි

එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x