මහනුවර රෝහලේ 5 තට්ටුවෙන් පනින්න යද්දී රෝගියා හිරවෙලා

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකක්කයේ පස්වැනි මහලෙන් බිමට පැන දිවි නසා ගැනීමට තැත්කළ බව කියන උලපනේ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි හෘද රෝගියෙකු බේරාගත් බව පොලිසිය කියයි.

රෝහලේ කාර්ය මණ්ඩලයත් පොලිස් හදිසි ඇමතීම් ඒකකය සහ මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් මැදිහත්වී මහත් පරිශ්‍රමයක් දරා ඔහු බේරාගත් බවද මහනුවර පොලිසිය පවසයි.

බදාදා (24) අලුයම 5.15 ට පමණ මෙම හෘද රෝගියා රෝහල් ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ ජනේලයකට නැග එයින් පැනීමට සුදානම් වන විට කිසිවෙකු විසින් පොලිස් හදිසි ඇමතීම් අංශයේ 119 අංකයට ඇමතුමක් ලබාදී ඇත.

පසුව පොලිස් හදිසි ඇමතීම් අංශයේ පොලිස් නිලධාරින් මහනුවර නාගරික ගිනි නිවීම් අංශයට දැනුම් දී එහි ඉණිමඟ සහිත බකට් යන්ත්‍රය ගෙන්වා රෝහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ ජනේලයක් අසල සිරවී සිටි හෘද රෝගියා එම යන්ත්‍රයට යවා පහළට ගෙන තිබේ. එම රෝගියා පසුව යළිත් රෝහලට ඇතුළත් කිරීමට රෝහල් බලධාරිහු පියවර ගත්හ. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ක තුසිත හළංගොඩ මහතාගේ අධීක්ෂණය මත හදිසි ඇමතීම් අංශය සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අනුර ගැන ව්‍යාජ පුවතක් අන්තර්ජාලයේ

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය සදහා...

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය...

පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x