25 C
Colombo
Sunday, April 11, 2021

මහරගම ඉඩම් නඩුවෙන් වාස් සහ බිරිඳ නිදහස්

කූඨ ලේඛන සකස් කර මහරගම ප්‍රදේශයේ ඇති මිලියන ගණනක් වටිනා ඉඩමක් අත්පත් කර ගැනිම සම්බන්ධයෙන් වන චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කළා.

ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

1996 වසරේ සිදුව ඇතැයි කියන මෙම ඉඩම් වංචාව සම්බන්ධයෙන් නියමිත කාලය ඉක්මවා නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර ඇති බවට විත්තිකාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

ඒ අනුව කාලාවරෝධ පනත යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉල්ලා අස්කර ගැනීිමට කටයුතු කිරීමත් සමග විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5000 දීමනාව

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්  වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා...

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට...

සහල් කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති

සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට...

දංකොටුවෙන් හමු වූ බවුසර්වල විෂ පොල්තෙල් බව තහවුරු වෙයි

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ තිබියදී සොයාගත් පොල් තෙල් බවුසර්වලින් ලබාගත් සාම්පලවල 'ඇෆ්‍ලටොක්සීන්' නමැති පිළිකා කාරකය...

පිටකොටුවේ වෙළදසැලක ගින්නක්

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x