29 C
Colombo
Monday, June 21, 2021
logo

මහින්ද අගමැතිකම අතහරින්න සිතයි! මීලඟ අගමැතිත් තීරණය වෙයි!!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් වී සිය පුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත අග්‍රාමාත්‍ය ධූරය භාර දීමට ඇති සූදානමක් පිළිබඳව දේශපාලන පුවත් ආරංචි මාර්ග අනාවරණය කරනවා.

එලෙස අග්‍රාමාත්‍ය ධූරය නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ මාස දෙකක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණු බවයි පැවසෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවලට එක්ව ඇති බව සඳහන්.

ආණ්ඩුව තුළ නාමල් රාජපක්ෂ මහතාට මීට වඩා වැඩි වගකීමක් ලබා දිය යුතු බවට මෙහි දී සාකච්ඡා වී ඇති බවත්, තවත් අමාත්‍යධූරයක් ඔහුට ලබා දීම පිටුපස පවතින්නේ එම සාකච්ඡාව බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී තවත් වගකීමක් නාමල් රාජපක්ෂ මහතා වෙත පැවරීමට ද සැළසුම් කොට ඇති බව අදාළ පුවත් වාර්තා අනාවරණය කරනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළතම තනතුරක් ලබා දීම හරහා යි.

මෙම තත්ත්වය අනුව නාමල් රාජපක්ෂ මහතා මේවන විට දරන අමාත්‍ය ධූරවල වගකීම්වලට අමතරව පක්ෂයේ වැඩි වගකීමක් ද පැවරීමට යි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සැළසුම් කොට ඇත්තේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රමාත්‍ය ධූරය අතහැරීම සහ එය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දීම කුමන කාලයක දී සිදුවේ දැයි යන්න පිළිබඳව තවමත් නිෂ්චිතව අනාවරණය වන්නේ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
7
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
4
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගම්මන්පිල මෝඩයෙක් – හේතුව සරත් ෆොන්සේකා කියයි

උදය ගම්මන්පිල අමාත්‍යවරයා තමන්ගෙ නාමයෝජනා පත්‍රයට අත්සන් කළ ලේකම්වරයාව නොදන්නා මෝඩයෙක් බවයි ෆීල්ඩ් මාර්ෂල්...

පාර්ලමේන්තුවට ඒමේ සැබෑ අරමුණ හිටපු අගමැති රනිල් හෙළි කරයි

රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට...

බැසිල් 23 ‘ලංකාවට ඇවිත්’ කරන්න හදන දේ

පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 23වන දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.පසුගිය දා...

රටම අසන ප්‍රශ්ණයකට ගම්මන්පිලගෙන් හතරබීරි පිළිතුරක්

ඉන්ධන මිල ස්ථායීකරණය සඳහා කැබිනට් මණ්ඩලය යෝජනා කළ ආකාරයේ අරමුදලක් ක්‍රියාත්මක නොවූ බව ඛණිජ...

එජාප එකම මන්ත‍්‍රී ධුරය රනිල්ට… නම ගැසට් කරයි

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x