මහේල ජයවර්ධන ක්‍රිකට් වාර්තා පොත් යළිත් අලුත් කරයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දැරූ සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේ දී බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසියේ දිනූ බර්මින්හැම් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සදර්න් බ්‍රේව් පිතිකරුවන් නියමිත පන්දු සියය අවසානයේ කඩුලු‍ 5ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මින්හැම් ෆීනික්ස් කණ්ඩායමට නියමිත පන්දු 100 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුළු 5ක් දැවී ලකුණු 136ක් පමණයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දු වාර විස්ස තරගාවලියේ ඊයේ පැවත්වීමට තිබූ තරඟ දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

මේ හේතුවෙන් කණ්ඩායම් 4ටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදීමටයි තීරණය කෙරුණේ. පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ග්‍රේස් සහ රෙඩ්ස් කණ්ඩයම් මෙන්ම ග්‍රීන්ස් සහ බ්ලූස් කණ්ඩායම් අතර තරඟ පැවැත්වීමට නියමිතව තිබුණා.

දිවා තරඟයක් ලෙස ග්‍රීන්ස් සහ බ්ලූස් අතර ආරම්භ වූ තරඟය පන්දු වාර 7කට පමණක් සීමා වූණා.

ඉන් අනතුරුවයි පිටියට වර්ෂාව ඇද හැලුණේ.

ඒ අනුව තරඟ දෙකම ඉන් ඉදිරියට පැවැත්වීමට හැකි වූයේ නැහැ.

මෙම තරඟ දෙකම පෙරේදා පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා වැලදීම හේතුවෙන් තරඟ ඊයේ දිනයට කල් දැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
6
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

කිර්ති පැස්කුවෙල්ට සම්මානයක්

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ඉනා ජනප්‍රිය චරිතයක් වන කීර්ති පැස්කුවෙල්...

මහින්ද දේශප්‍රිය සමාජ මාධ්‍යයෙන් ඉවත්වුණ හේතුව මෙන්න

තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති...

ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා...

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

2021 ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x