25 C
Colombo
Tuesday, April 13, 2021

මහ රෑ කුරුඳුවත්ත පොලීසියට ආ අසාද් සාලි

අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (13) රාත්‍රීයේ අසාද් සාලි මහතා අදාළ ප්‍රකාශය ලබාදී ඇත. මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අසාද් සාලි මහතා විසින් පසුගියදා සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ සඳහන් කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව ආසාද් සාලි මහතාගෙන් විමසීමක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවය. කෙසේ වෙතත් තමන් ඕනෑම අවස්ථාවක පොලීසිය ඉදිරියේ පෙනී සිටින බව කුරුඳුවත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

“මම හිතනවා මේ රටේ නීතියක් තියෙනවා.  එක රටේ එක නීතියක් නම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්න එපැයි. ඒක තියෙනවා කියලා මම හිතනවා. මේ පැමිණිලි දාන මිනිස්සු කවුද කියලා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

“අපි ගියේ අවුරුදු සමරන්න..” – මිතුරුකම ආදරයකට පෙරළී,

වයස අවුරුදු 15ක උපකාරක පංති යන සිසුවියන් දෙදෙනෙකු වයස අවුරුදු 19 හා 20 තරුණයන්...

කුණු කෑම සොයා PHI එද්දි හෝටල් වසා දමා හිමිකරුවන් පලා යයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා මහ නගර සභා බල ප්‍රදේශය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු...

පිටකොටුවේ වෙළදසැලක ගින්නක්

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන්...

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවෙලා – කථානායක මහින්ද යාපා

දියවන්නා ඔයේ ජලයට මල අපද්‍රව්‍ය මුසුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇකි බව...

තවත් කොරෝනා පොකුරක් පත්තු වේ..

කොරෝනා ආසාදිත රැදවියන් 105 දෙනකු වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගිය දින දෙකක කාලය තුලදි හඳුනාගෙන තිබේ.බන්නාගාර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x