මහ වැස්සේ කානුවට වැටුණු තිදරු මවක් මරු දකී – කිලෝමීටරයක පමණ දුරක් ගසා ගෙන ගිහින්

මහනුවරට පෙරේදා (28දා) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මහයියාව පූර්ණවත්ත ප්‍රදේශයේ ජල කානුවකට වැටී ගසාගෙන ගිය තිදරු මවක් මරණයට පත්ව තිබෙනවා.

පූර්ණවත්තේ පිහිටි තම නිවෙස ඉදිරිපිට කානුවේ පොලිතින් ඇතුළු කසළ සිර වී එය පිටාර ගැලීම නිසා අදාළ කාන්තාව ඒවා ඉවත් කිරීමට යෑමේදී කානුවට වැටී ජලපහරත් සමඟ ගසාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබුණා.

ජලපහරට අසුවී ගසාගෙන ගිය කාන්තාව බේරා ගැනීමට ගිය ඇගේ සැමියාද කානුවට ඇද වැටී ජලයේ ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු අතරමඟදී කානුව හරහා වැටී ඇති නළයක් අල්ලාගෙන දිවිබේරාගෙන තිබෙන බවත් වාර්තා වනවා.

ජලපහරේ ගසාගෙන ගිය කාන්තාවගේ මළසිරුර ඇගේ නිවෙසේ සිට කිලෝමීටරයක පමණ දුරින් මහයියාව බිංගෙය ආසන්නයේ තිබී සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

දෙසැම්බර් අවසන් වෙන තෙක් ගමන් බිමන් සීමා කරන්න

එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන තෙක්වත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...

වයලිනයෙන් ජිවිත රස ගැන්වු දිනේෂ් සුබසිංහ විවාහ දිවියට

දිනේෂ් සුබසිංහ කියන්නේ දක්ෂ සංගීතඥයෙක්.බොහෝ කලා නිර්මාණවලට ඔහුගේ සංගීතය නැතිවම බැහැ. ඒ වගේම ඔහු...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සාලා…

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x