මාරවිල වෛද්‍යවරු 8කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අද (17) වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

දැනට එම රෝහලේ වාට්ටු 04ක් වසාදමා ඇති අතර ඇය පැවසුවේ කඩිනමින් එම වාට්ටු ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසාදැමීය.

දැඩි සත්කාර ඒකකය, හදිසි අනතුරු වාට්ටු 02 ක් සහ ගැබිනි කාන්තාවන්ට වෙන්කළ වාට්ටු 02 ක් මේ වනවිට වසා දමා ඇත.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.

අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සඳහා යොමුකිරීමට කටයුතු කර තිබුණි.

ඊයේ (16) පෙරවරුව වනවිට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත. 

සවස වන විට එම සංඛාව 29 දක්වා ඉහළගොස් තිබුණි.

17 වැනිදා පෙරවරුව වනවිට මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර වෛද්‍යවරුන් 08 දෙනෙකු ද වේ.

එම තත්ත්වය හේතුවෙන් මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටුවල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමුකිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අතර හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනයවීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ හේතුවෙන් තැපැල් කාර්යාලයේ සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

අදාළ කොවිඩ් ආසාදිත සේවකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමුවද හැටන් නගරයේ පිහිටි තැපැල් පියස කාර්යාලය විෂබිජහරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට නියමිතය.

ආශ්‍රිතයින් නොවන සේවකයින් යොදවා එහි කටයුතු සිදු කෙරෙනු ඇත.

මේ අතර පවතින අවදානම සලකා අද (17) දින ගෙවීමට නියමිත වැඩිහිටි දීමනාව අද දිනයේ නොගෙවන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මහේල ජයවර්ධන සිය දියණිය බලන්න මාස හතරකට පසු ඇවිත්

එදා වගේම අදත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ගෞරවයෙන් කතා කරන දක්ෂතා මතු කරන චරිතයක් තමයි...

“ජංගම දුරකතනයෙන් නිතරම කතා කළා කියලා රණ්ඩු වෙලා..”

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ කොරකීන ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කොට ඇයගේ මෘත ශරීරය මත මල් කළඹක්...

අපේ රටේ කාබනික පොහොර වෑයම ජනපති ලොවට කියයි

කෘත්‍රිම පොහොර භාවිතය අවම කොට සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට සහ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩුකර ගැනීමට...

‘මැණිකේ මගේ හිතේ’ ජනපි‍්‍රය කරවිම ‘රෝ’ ඔත්තු සේවයේ කුමන්ත‍්‍රණයක්..

වර්ථමාන ආණ්ඩුවත් සිංහල ජනතාවත් දිනා ගැනීම සඳහා ඉන්දියාව විශාල උනන්දුවෙන් කටයුතු කරන බව මහාචාර්ය...

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x