31 C
Colombo
Saturday, April 10, 2021

මිලියන හතක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

පුද්ගලයන් පස් දෙනකුගේ නම්වලට විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන හතක වටිනාකමකින් යුතු කුෂ් නමැති ගංජා සහ මෙතෆෙටමින් (මත්ද්‍රව්‍ය විශේෂයක්) අඩංගු පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටි පාර්සල් අංශයේ දී අදාළ පාර්සල් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුුතු) සුදත්ත සිල්වා කීවේය. අහංගම, වේරහැර, හෝමාගම සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස් දෙනකුගේ නමින් මෙම ගංජා සහ මත්පෙති එවා තිබුණේ එක්සත් රාජධානිය සහ ජර්මනිය යන රටවල්වලිනි.

මෙම පාර්සල් පහේ තිබී රුපියල් මිලියන හතරක් වටිනා කුෂ් ග්‍රෑම් 278ක්ද, රුපියල් මිලියන 3ක් වටිනා මත්පෙති 400ක්ද රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මෙම මත්පෙති සහ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගුව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.

සාලිය කුමාර ගුණසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වෙන්නප්පුවේ හොර වැඩ ඇල්ලූ එරික් පෙරේරා ගෑවුනු තවත් පරීක්ෂණයක්

ඉකුත් සමයේ දැඩි කතා බහට ලක්වූ වත්මන් මීගමුවේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට අදාලව...

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.අද (04) දහවල් ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන්...

ඇස්ට්‍රා සෙනිකාට තිඹිරිගෙයින්ම රතු එළියක්

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට...

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස්...

යාපනය නගර සභා පොලිස් ඒකක නිල ඇඳුම කොටි පොලිස් නිල ඇඳුමට සමානයි

යාපනය නගරයේ පිරිසිදු බාවය ආරක්ෂා කරගැනීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් නගරසභා ආරක්ෂණ පොලිස් බලකායක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x