26.9 C
Colombo
Thursday, June 17, 2021
logo

මීට පස්සේ ප්‍රමිතිය බලන්නේ නාමල්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු රජයේ තවත් ප්‍රමුඛ ආයතන 5ක් ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කළ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා යටතට පත් කර ඇත.

තරුණ හා ක්‍රීඩා කැබිනට් ඇමැති නාමල් රාජපක්ෂ පසුගිය 03 වැනිදා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබූ අතර එම රාජ්‍ය ඇමැති ධුරයට මෙම ආයතන ඇතුළත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි

  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,
  • කාර්මික තාක්ෂණ ආයතනය,
  • ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්,
  • ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව,
  • ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් එෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් වනු ඇත.

ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම් සහ ඉහළ ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්තාව පුළුල් කිරීම මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා අතර වේ.

නයන තරංග ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
16
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
10
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තාත්තයි දුවයි මස්සිනයි තිදෙනාවම කොවිඩ් මරුවා රැගෙන යයි

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ...

ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.එම පක්ෂයේ...

පොල්ගෙඩි 15ක් සොරකම් කල සැකකරු දෙදෙනකු අධිකරණය හමුවට

රුපියල් 1400ක් පමණ වටිනා පොල්ගෙඩි 15ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

කාලගුණය

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර සහ වයඹ පළාත්වලත්...

ජනපති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් පිරිසක් හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x