මුඛ ආවරණ දෙකක් පැලඳීමෙන් වැඩි ආරක්ෂාවක් ?

මුඛ ආවරණ දෙකක් එක්වර පැලඳීමෙන් කොවිඩ් වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකිවනු ඇතැයි අමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි.

ශල්‍ය මුහුණුආවරණයක් පැලඳ එය ආවරණය වන ලෙස රෙදිවලින් සෑදු මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසකාරකයන්ගෙන් සියයට 92.5ක ආරක්ෂාවක් ලබාගත හැකි බවද ඔවුන් පෙන්වාදෙයි.

එමගින් පෙන්වා දී ඇත්තේ, පොදු ස්ථාන වෙත යාමේදී වයස අවුරුදු 2ට වැඩි සියලූමදෙනා මුඛ ආවරණය පැලඳීම අත්‍යවශ්‍ය බවය.

ගෙවුණු දිනයේදී ලොව වැඩිම ආසාදිතයින් හා මරණ අමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

ඊයේ (10) එරටින් ආසාදිතයින් 95,210 ක් හඳුනාගනිද්දී මරණ 3,260ක් සිදුව තිබුණි.

අමෙරිකානු වසංගත රෝග ආයතනය නිකුත් කළ නවතම වාර්තා පවසන්නේ එරට සෑම පුද්ගලයින් 10දෙනෙකුගෙන්ම එක් අයෙක්, කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවය.

මේ අනුව දැනට එරට ලබාදී ඇති එන්නත් ගණන මිලියන 33.8කි.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 107,853,095ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2,364,938කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අන්තර් පළාත් බස් ධාවනය සම්බන්ධයෙන් ගත් තීරණය

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර...

ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ...

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම්...

එකම පවුලේ 3ක් බිලිගත් දිය ඇල්ල ගැන තීරණයක් ගනියි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x