32 C
Colombo
Tuesday, April 20, 2021

මුතුරාජවෙල හරි අඩක් අතුරුදන්

1996 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් මුතුරාජවෙල අභයභූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභයභූමියේ මායිම් ලකුණු කිරිමක් මේ දක්වා සිදු නොවීම පිලිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා කමිටුවේ දැඩි අවදානයට යොමු වී තිබෙනවා.

එම ගැසට් පත්‍රයෙන්ම මුතුරාජවෙල පරිසර පද්ධතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙක්ටයාර 2569ක් ලෙස හඳුනාගෙන තිබුණද මේ වන විට ඉන් හෙක්ටයාර 1285ක් පමණක් අභයභූමිය ලෙස සැලකීමට හේතු කවරේද යන්න පිලිබඳවත් මෙහිදී විමසීමට ලක් වුනා.

තවද හෙක්ටයාර 6000ට අධික මුතුරාජවෙල පරිසර පද්ධතියට අයත් සමස්ත ඉඩම් ප්‍රමාණය සහ එතුල පවත්නා රජයේ  සහ පුද්ගලික ඉඩම් ප්‍රමාණයන් තවමත් නිසි  හඳුනා ගැනීමක් කිරීමට අදාල ආයතන අසමත් වීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඊට අමතරව මුතුරාජවෙල සිදුකරන සමීක්ෂණ හා පර්යේෂණ ප්‍රතිඵල,අදාල සියලුම අංශ අතර යාවත්කාලීන කිරීම හා ශ්‍රී ලංකාවට ආවේනික ශාක වාණිජකරණය නැවැත්වීමට මෙන්ම ජාන මංකොල්ලයන් නැවැත්වීමට විශේෂ සම්බන්ධිකරණ ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කර තිබෙනවා. මෙහිදී රම්සා තෙත් බිම් කලාපයක් වන මුතුරාජවෙල ආරක්ෂා කර ගැනීමට වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටත්   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව තීරණය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මරුට

ගිනිගත්හේන, ඇබඩීන් දිය ඇල්ලේ දිය නාමින් සිටි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවෙකු දියේ ගිලී...

අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය...

සෞදියේ රඳවා සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් ගැන අනාවරණයක්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනෙකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රඳවාගෙන සිටින බව...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

නිවස අසලදී තරුණියකට නිරුවත පෙන්වූ පුද්ගලයා අත්අඩංගුවට

කිරුළපන කොළඹගේ මාවතේ පස්වන පටුමග ප්‍රදේශයේ දී තම නිවස අසල සිටි තරුණියකට නිරුවත පෙන්වූ...

තහනම් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x