මුරලිදරන් නඩු දමයි.. ඇමති නාමල්ට සිතාසි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක‍්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එහි විශායක නිලධාරීන් පහළොස් දෙනෙකුට එරෙහිවයි.

ඔවුනට එළැඹෙන මාර්තු 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු ක‍්‍රීඩකයන් හා හිටපු පරිපාලකයන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පත්කරන ලද කමිටුවේ ද මුරලිදරන් සාමාජිකයෙකි.

පැමිණිලිකරුවන් ගේ පෙත්සමේ සඳහන් වන්නේ වත්මන් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම විශාල වශයෙන් සිදුවන නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඉන්ධන මිලත් ඉහළ දමන්න – තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලයි

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බැවින් ඉන් මිදීම සඳහා ඉන්ධන මිල ඉහළ දැමිය...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ"...

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x