මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉදිරියේදී මුරලි හට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මෙලෙස ඔහු රෝහල්ගත කර ඇති බව සඳහන්.

UPDATE 7.00

රෝහල් ගත කළ මුරලියේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේවන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙලෙස රෝහල් ගතව ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයේ ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර පසුගිය 17 වනදා මුරලි සිය 49වන උපන්දිනය සමරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
4
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවේ ජනප්‍රියම නිළිය ඩිස්නි රාජපක්ෂ වසර 6ක පෙම ගැන මුල්වරට කියයි

ඩිස්නි රාජපක්ෂ පසුගිය දිනවල සමාජ මධ්‍යයේ නිතරම වගේ කතාබහට ලක්වුණා , ඒ හිරු මෙගා...

ඉන්ධන මිල ගැන ජනපති තීරණයක් දෙයි

පාඩු ලබමින් තිබෙන බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත යුතු තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් අල්ලන මහ බැංකුවේ වාහන සම්බන්ධ යෝජනාව මෙන්න

මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා...

මුලු රටක් හිටිහැටියේ කලු වෙයි

විදුලි බලය නොමැතිවීම හේතුවෙන් සමස්ත ලෙබනනය පුරා දෛනික කටයුතු ඇණහිට තිබෙනවා. ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x