විදෙස් ජාතික කාන්තාවක් මුහුණු පොතෙන් යහළු වී ලාංකික කතකට කල කැත වැඩේ

මෙරට කාන්තාවකගෙන් රුපියල් 129,000ක මුදලක් වංචා කළ විදෙස් ජාතිකයෙකු නුගේගොඩ ප්‍රදේශයේ දී ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන ලෙසතෝ ජාතිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මාතර ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව සමඟ මුහුණු පොත හරහා මිතුරු වී ඇයට විදේශ රටක සිට ඩොලර් පාර්සලයක් ලැබී ඇති බවට පවසමින් සැකකරු විසින් අදාල මුදල වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකාර විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගලිකිස්ස ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
3
හරි හිනා !
12
හම්මෝ !
3
මාර දුකයි !
2
මලපනිනව !
12
කුජීතයි !
7

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්