මුහුදේ සිද්ධ වෙනදේ අපිට කියන්න බැහැ : වාරකන් කාලයට කැස්බෑවෝ කොහොමත් මැරෙනවා

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින්, කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ සිදුවන අනතුරු හේතුවෙන් වියහැකි බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.

“මුහුදේ සිද්ධ වෙන දේ අපට පාලනය කරන්න බැහැ. මේ වාරකන් කාලෙ බොහෝ අනතුරු වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට මම පරිසරවේදියෙක් නෙවෙයි, නමුත් මම දැක්කා සමහර පරිසරවේදියො සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා, වාරකන් කාලයට සත්තු අනතුරුවලට ලක්වෙනවා. ඉතිං වාරකන් කාලයට ගොඩබිමට සතෙක් ගහගෙන ආවාම ඒක අසාමාන්‍ය සිද්ධියක් වෙන්නෙ නැහැ. නමුත් මේ වෙලාවෙ මේ නැවේ අනතුර තියෙන නිසා හැම කෙනෙක්ම මේක සෘජුව සම්බන්ධ කරන්න බලනවා ඒකට” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ගොඩහේවා පවසනවා.

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඊයේ දිනය දක්වා මෙරට ප්‍රදේශ කිහිපයකට ගසා ගෙන ආ කැස්බෑවුන් 50ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 08 දෙනෙකු, තල්මසෙකුගේ සිරුරූ හමුවී ඇති අතර තවත් මුහුදු මත්ස්‍යයින් රාශියක් මියගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තම සිඟිති පුතුට හිංසා කළ මවක්

මාස 06ක පමණ වූ බිළිඳෙකුට මව විසින් අමානුෂික වධ හිංසා පැමිණවූ පුවතක් ජා ඇළ...

අධික වර්ෂාපතනයයෙන් ගමනාගමනයට බාධා

වර්ෂාවත් සමග කොළඹ කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, තුන්මුල්ල හන්දිය ඇතුළු ප්‍රදේශවල මාර්ග...

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට ලැබුණු සුබ පණිවුඩය

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි.ඒ ඔවුන්ට...

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට

අත්තිඩියේදී හෙරොයින් ග්‍රෑම් 210සමග කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවටගල්කිස්ස පොලිසිය විසින් අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x