30 C
Colombo
Friday, September 17, 2021

මෙරට ඉදිරි සති 02 ක ගැන දැනුම් දීමක්

ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරිනී කටයුතු කළයුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

නොමැතිනම් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇති බවයි ඔහු පැවසුවේ.

සෞඛ්‍ය අංශවලට පමණක් මෙම වෛරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
51
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
17
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
22
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
18
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
20
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
9
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අද වාර්තා වු කොවිඩ් මරණ ගණන

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත...

ඔබේ ප්‍රදේශයත් අවදානම් ද ?

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින්...

නීතිඥයෙක් වෙන්න සිහින දකින සියලු දෙනාට සුබ ආරංචියක්

නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත. නීතිය...

කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය...

මරණ අඩුවෙයි – ඇදිරිනීතිය සම්බන්ද නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x