31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

මෙරට කොරෝනා මරණ 1500ට ආසන්න වෙයි – ඊයේ මරණවලින් 6ක්, නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින්

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 2859ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183,425 දක්වා ඉහළ ගියා.

ඊයේ (30) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි 10 දෙනෙකු ද සිටින බව සඳහන්.

එමෙන්ම, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවත් 1441ක් දක්වා ඉහළ ගියේ ඊයේ (30) තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟයි.

එලෙස වාර්තා වූ මරණ 36න්, 06ක් ම නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙම මරණ 36න් මරණ 31කටම කොවිඩ් නියුමෝනියා තත්ත්වය ද හේතුව වී තිබෙනවා.

මේ අතර, තෙවන කොරෝනා රැල්ල ලෙස හැදින් වූ අලුත් අවුරුදු පොකුරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 15,257ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13,320ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 11,604ක්.

මේ වන විට ආසාදිතයින් 31,549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 49,825ක්.

මේ අතර, සමස්ත හෙද කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා එන්නත ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සංකේත වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ජනාධිපතිවරයා ගත් විශේෂ තීරණය මෙන්න

කොරෝනා නොවන මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස...

දුරකතනයෙන් “දැන් සැප ද?” කියා ඇසූ පුද්ගලයෙකුට සිදු දේ

රක්ෂිත බන්ධනාගාරව ගතව සිට පැමිණි මොරටුව නගරාධිපතිවරයාට ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙකු මොරටුමුල්ල පොලිසිය විසින්...

කොරෝනාව තවත් ගැබිණි මවක් බිලිගනී

මාවනැල්ල ප්‍රදේශයේ පදිංච් ගැබිණි කාන්තාවක් කොරෝනා අසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි...

සංචරණ සීමා ඉවත් නොකරන්නැයි ජනපතිට ලිපියක්

හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා...

අලුත් වාහනයක් ගන්න සිහින මවන ඔබට ආණ්ඩුවෙන් බලාපොරොත්තුවක්

මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය මෙම වසර අවසානයේදී යළි සමාලෝචනයකට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x