25 C
Colombo
Friday, May 14, 2021

මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර, බොන්දුපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇති බවය.

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අදාළ රිවෝල්වරය සමඟ ඊට යොදන ජීව උණ්ඩ 6ක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු බොන්දුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මිලියන 05ක් වටිනා රන් මුදු සොරා ගත් අයුරු

මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස්...

කොරෝනා එන්නත ගැන ජනතාව උනන්දු කරන්න ලොතරැයියක්

කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ඇතැම් පිරිස් තුළ ඇති අඩු උනන්දුව තුරන් කිරීම පිණිස...

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක්...

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න.

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා...

පිළියන්දල පොදු වෙළෙඳ පොළ දින නියමයකින් තොරව වසා දැමේ

පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.වෙළෙඳ පොළේ...

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1914ක් සහ මරණ 19ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර, මෙරටින් කොරෝනා මරණ 19ක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x