28 C
Colombo
Sunday, September 19, 2021

“මේක මගේ අතින් සිද්ධ වුණු වරදක්…” – අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් සුන් වූ මැටිල්ඩා, මාධ්‍යයට කියූ සංවේදී කතාව

අසුන් මෙහෙයවීමේ තරගයේ මූලික වටයේදීම තරගයෙන් ඉවත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැටිල්ඩා කාල්සන් පවසා සිටියේ, තමා අතින් වරදක් වූ බවයි.

ඒ පිළිබඳ කණගාටු වන නමුත්, ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමම ජයග්‍රහණයක් ලෙස සලකන බවත් ඇය පැවසුවාය.

“පරාජය ගැන කණගාටු වෙනවා. මෙය මගේ අතින් සිදු වූ වැරැද්දක්. බොහෝ දේ බලාපොරොත්තු වුණත්, තරග බිමෙන් ඉවත්වෙන්න මට සිදුවුණා…“
“මට හොඳම අශ්වයෙකු සිටින්නේ. නමුත් මෙවැනි දැවැන්ත තරග බිමක කිසිදු වැරැද්දක් සිදුනොවීමට වග බලාගත යුතුයි“

“පියවරෙන් පියවර කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට තියෙන්නේ තත්පර කිහිපයක්. මගේ අශ්වයා (චොපින්) පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්වූවා ඔහුගේ විශ්මය ජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රාහකයක්“ යැයි පැවසුවාය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අවසන් තරගකාරිය වන මැටිල්ඩා කාල්සන්ට අසුන් මෙහෙයවීමේ ඉසව්වෙන් ඉවත් වීමට සිදුවිය. ඇය තරග කළ ‘චොපින්‘ නම්වූ අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු විය.

මැටිල්ඩා සිය අශ්වයා සමගින් 13 වැනි තරගකරු ලෙස මෙම තරගය ආරම්භ කළ අතර, එහිදී ඇගේ අශ්වයාට බාධක පැනීම් 14ක් අතරින් ගමන්කළ හැකිවූයේ 07 වැනි බාධකය දක්වා පමණි. මෙහි පළමු බාධක පහම සාර්ථක ලෙස චොපින් අශ්වයා තරණය කළත්, 06 වැනි බාධකය තරණය කළේ දෙවැනි උත්සාහයේදීය.

කෙසේ වෙතත් චොපින් අශ්වයා සමගින් 07 වැනි බාධකය තරණය කිරීමට මැටිල්ඩාට හැකි වුවත්, 08 වැනි බාධකයේදී ඇගේ අශ්වයා නැවත වරක් බාධකය හරහා යාම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඇයට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

මෙම ක්‍රීඩාවේදී බාධක තරණය දෙවරක් ප්‍රතික්‍ෂේප කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවක් ලෙස සැලකේ.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 73 දෙනෙකු තරගකළ අතර, ඉන් 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා-ස්වීඩන ද්විත්ව පුරවැසිභාවය හිමි මැටිල්ඩා, ඔලිම්පික් ඉතිහාසයේ අසුන් මෙහෙයවීමේ ඉසව්වකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැළකෙයි.

(සංජීව ධර්මසේන – ජපානයේ ටෝකියෝ නුවර සිට)
කෙළිමඩළ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
66
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
44
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහින්ද ඉතාලියේ සිටිද්දී ඉතාලියේ කළු කොඩි ඔසවා ලාංකිකයෝ දැක්වූ විරෝධය!

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ශ්‍රී ලාංකිකයෝ කළු...

අවසර නැතුව එලියට බැසොත් වෙන දේ

බස්නාහිර පළාතට ඇතුළු වන මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 295 දෙනෙක් නියමිත...

බලා සිටි වුන්ගේ ඇග ලොමු දැහැ ගැන්වූ භයානක අනතුර

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී අද( 13) භයානක රියඅනතුරක් සිදු වුණා. බලා සිටින්නන්ගේ...

ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත්...

තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් මාරයා රැගෙන යයි

කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x