29 C
Colombo
Thursday, April 22, 2021

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් මොරවක නගරයේ වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දින 3ක කාලයක් නගරයේ වෙළෙඳසැල් වසා දැමෙනු ඇත.

එමෙන්ම මොරවක සතිපොළ ද යළි දැනුම්දෙන තුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙම පියවරගෙන තිබේ. 

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 293 කින් මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර නගරයේ වෙළෙඳසැල්වල සහ තේ කර්මාන්ත ශාලාවක පිරිසක් මෙම ආසාදිතයින් වන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කාලාපයෙන් ද තවත් කොවිඩ් -19 ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව පසුගිය දින 03 තුළ පමණක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආසාදිතයින් 100 දෙනෙකු හඳුනාගෙන ඇති බ‍ව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හීන් ගඟ මැද ගල් තලාවක මත්පැන් සාදයක් – පැය 7ක මෙහෙයුමකින් 13කගේ දිවි බේරෙයි

මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට...

වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක්...

උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල...

කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය...

අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය...

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

ජල සම්පාදන මණ්ඩලයට අයත්, ජල මාපක සොරකම් කළ සිද්ධියකට අදාලව, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x