27 C
Colombo
Saturday, April 10, 2021

මෝටර් රථයක පිළිස්සී මියගිය තරුණයාගේ අනන්‍යතාව හෙළිවෙයි

පසුගියදා කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී හමුවූ පිළිස්සුනු මළ සිරුරේ අනන්‍යතාව අනාවරණ කරගෙන තිබෙනවා. DNA පරීක්ෂණයකින් අනතුරුවයි. එම පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක් බවයි.

මෙම මළ සිරුරේ අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සැකකෙරෙන දෙමව්පියන්ගේ DNA සාම්පල පසුගියදා ලබාගැනුනා. එම සාම්පල මියගිය තරුණයාගේ DNA සාම්පල සමග සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. ඔහු දෙල්කඳ ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක්. මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත අතර එහිදී මරණයට හේතුව අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පසුගියදා පැවති අතර මළ සිරුරේ පී සී ආර් පරීක්ෂණයක් ද සිදු කළා. කෙසේවෙතත් ඔහුට කොරේානා වෛරසය ආසාදනය වී නොමැති බවටයි එහිදී හෙළිවී තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී...

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව...

විභාගයේදී කොපි කලාට ගුරුවරිය දොස් කියද්දී එකපාරටම ළමයා අසනීප වෙලා.

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන්...

34 හැවිරිදි තරුණයෙකුට 17 තම දියණියව බලෙන් බන්දන්න හදලා සිදු වු විපත

ගලේවෙල පට්ටිවෙල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (03) දින තියුණු ආයුධයකින් ඇණ තරුණියක් ඝාතනයකර තිබෙන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x