මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 01වැනිදා සිට යළි ආරම්භ කරන බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොරෝනා අවදානම හේතුවෙන් දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අගෝස්තු 16 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබිණි. 2021.08.16 වැනිදා සිට 2021.09.30 වැනිදා දක්වා කල් ඉකුත්වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා 2021.10.01 වැනිදා සිට 2021.10.31 වැනිදා දක්වා මාසයක සහන කාලයක් ලබාදී ඇත.

අදාළ කාලය තුළ කල් ඉකුත් වූ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සලකා බලන, යෝග්‍යතා සහතික සහ වාහන ලියාපදිංචි සහතික සහන කාලයේදී කල් ඉකුත්ව ඇත්නම් එහි වලංගු කාලය 2021.10.31 වැනිදා ලෙස සලකා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන බවද දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ආර්.යූ.අයි. දිසානායක පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 13449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ...

කාලගුණ අනාවැකි

සබරගමුවසහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට...

රටම කැලඹු අමුතු ගණිකා නිවාසය

මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේ දී මීගමුව පොලිසිය විසින් සිදු කළ වැටලීමකින් ගණිකා නිවාසයක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x