31 C
Colombo
Monday, May 17, 2021

යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා අමුතු වැඩක් කරන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අත්වූ ඉරණම

ඉබ්බාගමුව ප්‍රදේශයේදී සිදුවූ පිපිරිමකින් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇති අතර යකඩ බටයකට වෙඩි බෙහෙත් දමා එය ග්‍රයින්ඩරයකින් කැපීමට යාමේදී පුපුරා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ත්‍රී රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටි තරුණයන් දෙදෙනෙක් මල් වෙඩිල්ලක් සකස් කිරීමට උත්සාහ කිරීමේදී මෙය සිදුව ඇතැයි ද මූලික පරීක්ෂණවලිදී හෙළිවී තිබෙනවා.

තුවාල ලැබූ අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් අයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටින බව සඳහන්.

ග්‍රයින්ඩරයෙන් කැපීමට යාමේදී යකඩ බටය අල්ලාගෙන සිටි තරුණයාගේ අතක ඇගිලි 4ක් අහිමිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයයි පරීක්ෂණ සිදුකරන්නේ.

කෙසේවෙතත් මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට කළ ක්‍රියාවක් නොවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
5
කුජීතයි !
2
මලපනිනව !
3
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා මැද, මොරටුව නගරය මැදදී සියල්ලන් ඉදිරියේ අවසන් හුස්ම හෙළු පුද්ගලයා ගැන වෙනස්ම කතාවක් එළියට

මේ මොරටුව නගරමධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක්. අද උදෑසන 7.30ට පමණ ත්‍රිරෝද රථයක් මෙම පිරවුම්හලෙන් ඉන්ධන...

උපන් දින සාදයදා 12 හැවිරිදි දැරියට කල ලොවක් නුහුලන අපරාධය

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත...

“දවසක් මම රෑ යාළුවෝ එක්ක පරණ පුරුද්දට බෝක්කුව උඩ හිටියා.. නංගි මුඩුක්කු පේළියේම කොල්ලෙක් එක්ක පැනලා ගියා.”

මිනිසුන්ගේ ජීවිත පුදුමාකාරය. සරත්ගේ ජීවිතය ද එහෙමය. බාලවියේ සිට අනේක දුක් වේදනාවන් විඳි ඔහුට...

මිනිස්සු කෑගහන සද්දෙට මාත් බලන්න ගියා. මගෙ මහත්තයයි, දරුවයි, මහත්තයාගෙ යාලුවයි බිම වැටිලා හිටියා.

මේ ශෝචනීය හඬ ඇසුණේ පසුගිය දා රටම කම්පා කළ පුවතක් බවට පත් වූ සරුංගලයක්...

නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව...

17 හැවිරිදි තරුණයකු පෙම් කළ වරදට පහර දී මරා දමයි

පාසල් සිසුවකු වන 17 හැවිරිදි තරුණයකුට අතින් පයින් හා පොලූවලින් පහරදී ඔහුගේ මරණය සිදු...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x