යාපනයේ කඩු කල්ලියක් – දකින දකින අයගේ අත් කපා දාලා

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදු කල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදු වී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසනවා.

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැස්ව සිටි පිරිසක් වෙතට එකවරම මුහුණු ආවරණය කර ගෙන කඩු ඇතුලු තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී තියුණු ආයුධ සහිතව පැමිණි පිරිස් විසින් ශබ්දාගාරය ඉදිරිපිට සිටි පුද්ගලයින් බරපතල කැපුම් තුවාල සිදු කොට ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ අත් සිරුරෙන් වෙන් වන ලෙසින්ද කපා ඇති බවටත් අනතුරුව අසල තිබූ ත්‍රීරෝද රථයකට සහ කාර් රථයකටද දැඩි අලාභ හානි කොට ශබ්දාගාරයටද ගිනි තබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.

මේ අතර අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා කණ්ඩායම් කිහිපයක් විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකෙම කතා කරන රත්නපුර මැණික් පොකුරට, ආරක්ෂක හේතුන් මත කල දේ මෙන්න

රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ...

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොවිඩ් – මුහුණු පොතේ ලියපු සංවේදී සටහන මෙන්න

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ බව සඳහන් කරමින් ඔහු විසින්...

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

මැණික් පොකුර වෙන්දේසි කිරීමට සූදානම් – වටිනාකමින් 10%ක් රජයට

රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ...

ගැබිනි රාජ්‍ය සේවිකාවන්ට රජයෙන් දැනුම්දිමක්

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x