යාපනය මහ රෝහලෙන් පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

යාපනය මහ රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් මරණය ඊයේ (08) වාර්තා වූ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් පවසනවා.

යාපනය, කයිට්ස්  ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව යාපනය මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එහිදී කොවිඩ් නියුමෝනියාව සහ අංශභාග රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුරු කොවිඩ් මළ සිරුරු අදාහන රෙගුලාසි අනුව අදාහනය කිරීමට නියමිත තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්