යුද විජයග්‍රහණයට අදට වසර 12යි

රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා රටට සැබෑ නිදහස උදා කළ රණවිරු විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් මිය යාමත් සමඟ වසර 30ක සිට මෙරට වෙලාගෙන තිබූ ත්‍රස්තවාදයට මානුෂීය මෙහෙයුමකින් පසු තිත තබන්නට මෙරට රණවිරුවන්ට හැකියාව ලැබුණා.

මේ අතර යුද ජයග්‍රහණයේ 12 වන සැමරුම් උත්සවය බත්තරමුල්ල – ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිතයි.

මෙවරත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් එය පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ.  

2009 වසරේ මැයි මසයේදී අවසන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු සහ පොලීසියේ 2598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු දිවි පිදුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යාපනයේ පරික්ෂණ දුම්රියේ ගැටී ජීවිත 10ක් එතනමයි

යාපනය, කොඩිකාමම් හී ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10...

සේවකයකු කලින් ගෙදර යැව්වොත් හාම්පුතා මාස හයක් ඇතුළේ

නියම කර ඇති වයස් සීමාවට පෙර සේවකයකු විශ්‍රාම යවන හාම්පුතුන්ට රුපියල් පන්දහසක දඩයක් සහ...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක්

මෝදර ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිහි ප්‍රහාරය එල්ල...

පිළිකාව විනාශ කරන පෝෂක ඖෂධයක්

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ...

බොහෝ සිසුවියන් බිය ගන්වා මුදල් ලබාගත් අනංගයට වැඩවරදී

පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x