යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අදාළ කාලය තුළ අවසර ලබාදී ඇති අතර එය අවභාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව යුද හමුදාපතිවරයා පැවසීය.

ඊයේ රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැණුනි.

මේ අතර වයස අවුරුදු 60 ඉක්මවු මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබානොගත් පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන් එන්නත්කරණයට යොමුකිරීම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමේ තීරණයට ප්‍රධාන හේතුවක් වු බව යුද හමුදාපතිවරයා පැවසීය.

මේ වනවිට මෙරට වයස අවුරුදු 60 ඉක්මවු පුද්ගලයින් 5,289 දෙනෙකු කොවිඩ්-19 වෛරසයට ගොදුරුව මියගොස් තිබේ.

එය මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 76%ක ප්‍රතිශතයක් බව වසංගත රෝග විද්‍යා අංශ පෙන්වාදෙයි .

වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 1,621 දෙනෙකු සහ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 75 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් අනතුරුව දෛනික වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින මෙම මාසයේ ගතවු දින 19 තුළ පමණක් කොවිඩ් මරණ 2,477ක් සිදුවී ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගතවු දිනය තුළ පුද්ගලයින් 241,593 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 5,514,315 දෙනෙකු කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කර තිබේ.

එය මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 26ක ප්‍රතිශතයකි.

එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව 12,073,373 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ රාත්‍රී 10 සිට දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇති බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේ ජනතාව වගකීමෙන් යුතුව හැසිරෙන්නේ නම් ඉදිරියේ දී යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ද පවසයි.

විශේෂයෙන් සේවා පවත්වාගෙන යෑමට අවසර ලබාදී ඇති ආයතනවල ප්‍රධානීන් ද අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සේවකයින් කැඳවීම සිදුකළ යුතු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

“සංචරණ සීම දැඩි ලෙස පැනවීම මේ රෝගීන් සංඛ්‍යාව අඩුකරගැනීම සඳහා හේතු වෙනවා. ඒ නිසා දැනට ආරම්භයක් විදිහට දින 10ක දැඩි සංචරණ සීමා රට තුළ පනවලා තියෙනවා. මේ සංචරණ සීමා පැනවීම ප්‍රයෝජනය වන්නේ සහ ප්‍රතිඵලදායක වෙන්නේ වගකීමෙන් යුතුව ප්‍රජාව හැසිරුනොත් විතරයි. විශේෂයෙන්ම අපි සියලුම මහජනතාවගෙන් ඉල්ලනවා, ඔබගේ මරණ සහ ජීවිත හානි අවම කරගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න. කිසිසේත් මේ සංචරණ සීමා පනවලා තියෙන කාලසීමාව තුළ.. ඒ වාගේම ඇඳිරිනීතිය පනවලා තියෙන කාලසීමාව තුළ කිසිදු හේතුවකටවත් නිවසින් පිටට යන්න එපා. ඔබ වගකීමෙන් කටයුතු කළේ නැත්නම් රට මේ විදිහට අගුළු දමාගෙන සිටීමේ ප්‍රයෝජනය අපිට ලබාගන්නට බැරි වෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ආයතන පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් කැඳවා ගන්න.”

නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේ ප්‍රතිඵල ඉදිරි සති දෙකෙන් පසු අපේක්ෂා කළ හැකි බවද  උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර කොවිඩ් ආසාදිතව වතුපිටිවල රෝහලේ දී මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කිරීම සඳහා නොමිලේ පහසුකම් සැලසීමට අත්තනගල්ල ප්‍රදේශීය සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මියයන පුද්ගලයින්ගේ දේහ බහාලීමට අවශ්‍ය පෙට්ටි ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ලබාදීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

මියයන පුද්ගලයින්ගේ ඥාතීන් පත්වී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොව පුරා ජනප්‍රිය සැනිටයිසර් ලංකාවේ තහනම් වු තැන

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන...

දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දිමක්!

කිසියම් පුද්ගලයකු විසින් දෙහිවල ප්‍රදේශයේ භාතිය පාරේ පිහිටි මුස්ලිම් පල්ලියකට පහර දී ඇති බවට...

ඔන්ලයින් නිසා සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් අත්හැරීමේ ප්‍රවණතාවක්

ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට...

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් අවසන් වෙයි! කොලාන්න කැළඹූ සංවේදී කතාව

කොලොන්න, පිටවෙල ගම ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස්...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x