යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇත.

හර්යානා පොලිසිය මේ ආකාරයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් කුලවාදී ප්‍රකාශයක් කළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන්.

ඉන්ස්ටග්‍රෑම් සංවාදයකදී ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය වසරේයි. යුවරාජ් මෙම ප්‍රකාශය කර තිබුණේ දාලිත් කුලයට අදාළවය.

යුවරාජ් තමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කර ඇත. ඔහු පවසා තිබුණේ තමාගේ ප්‍රකාශය වරදවා වටහා ගැනීමෙන් මෙම ගැටලුව මතුව ඇති බවයි.

‘කෙසේ වෙතත්, මා නොදැනුවත්ව හෝ කෙනෙකුට සිත් වේදනාවක් ඇති කර තිබෙනවා නම් වගකිව යුතු ඉන්දියානුවකු හැටියට ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කිරීමට කැමැතියි’ යනුවෙන් ඔහු සඳහන් කර සිටියි.

ඔහුගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා විශාල පිරිසක් නරඹා තිබූ බවත්, එයින් දාලිත් සමාජයට විශාල සිත් රිදවීමක් සිදුව තිබූ බවත් යුවරාජ්ට එරෙහිව පැමිණිල්ල කළ නීතිඥයා පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
2
කුජීතයි !
4

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්