30 C
Colombo
Wednesday, September 22, 2021

රජයේ තවත් ප්‍රමුඛ පෙළේ නිලධාරිනියක් ඉල්ලා අස්වෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ බව තහවුරු කළේය.

ඔහු සඳහන් කළේ, පෞද්ගලික හේතු මත තමන් ඉල්ලා අස්වන බව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණු බවය. 

කෙසේ වෙතත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ නඩු භාණ්ඩ ලෙස රඳවා සිටි හීලෑ අලි, ඇතුන් මුල් හිමිකරුවන්ට මුදාහරින ලෙස මාර්ගය සකස් කළ බව කියන ගැසට් පත්‍රය ඇයගේ ඉල්ලා අස්වීමට පෙලඹවීමක් වූ බව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එමෙන් ම අදාළ ලිපියේ එම ගැසට් පත්‍රය පිළිබඳව සඳහන් කර නොතිබුණු බවය.

ඒ අනුව, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි. ඇතැම් අවස්ථාවල එම...

දැන් අපෙන් අහන්නේ ස්වාමීනි සැපද (VIDEO)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ තමන් වහන්සේගෙන් දැන් ජනතාව ‘දැන් සැපද හාමුදුරුවනේ’ කියා...

මහින්දගෙන් ලොහාන්ට දැනුම් දීමක් !

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට,...

මාධවි ඇන්තනි උතුම් මව් පදවියට සැරසෙනවාද? සිංදුවකින් සියල්ල හෙලිවෙයි

කෑම හදන ගමන් බුකිය රසවත් කරන උණුසුම් කරන ලංකාවේ විවිධ කලා ශිල්පීන් ඉන්නවා. ඉතින්...

අද (17) සිට සුරාසැල් විවෘත කරන්න අවසර ලැබුණා ද ? සුරාබදු කොමසාරිස් පිළිතුරු දෙයි

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x