28 C
Colombo
Tuesday, September 21, 2021

රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන පැහැදිලි කිරීමක්

රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය දින කිහිපය පුරා සිදුකළ වැටලීම්වලින් සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 29,900ක් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් රජයේ භාරයට ගත් බවය.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ. 

ඒ අනුව සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදුකර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්, 

P 001 | Gossip Lanka
රජය භාරයට ගත් සීනි බෙදාහැරීම ගැන පැහැදිලි කිරීමක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර

දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12-19 අතර වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීමට සෞඛ්‍ය...

කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (20)...

සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී...

ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කෙරේ

සෞඛ්‍ය නිර්දේශ මත දැනට සීමා පනවා ඇති ක්ෂේත්‍ර කිහිපයක සීමා ඉවත් කිරීමට කොවිඩ් කාර්ය...

කොරෝනා මරණ වැඩි වීමක්

අද (19) දිනයේ දී වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (18)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x