29 C
Colombo
Thursday, April 22, 2021

රටපුරා පාසල් අද ඇරැඹේ

බස්නාහිර පළාතද ඇතුළුව සියලුම පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අද (15 වැනිදා) ආරම්භ කෙරේ.

බස්නාහිර පළාතේ පාසල්වල අද (15 වැනිදා) ආරම්භ කෙරෙන්නේ පහ, එකොළහ සහ දහතුන යන ශ්‍රේණි පමණි. පළමු ශ්‍රේණියද ඇතුළුව සෙසු සියලුම ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එළැඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග කල් දැමීම සඳහා මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ ට ඊයේ (14 වැනිදා) පැවැසීය.

කෙසේ වුවද එම සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණය කර තිබේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පමණක් විභාග කල්දැමීම පිළිබඳ අවධානය යොමු කිරීමට සිදුවන බවත් ලේකම්වරයා සඳහන් කළේය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ද ප්‍රකාශ කළේ විෂය නිර්දේශ ආවරණ කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යයනය කරමින් සිටින බවය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඊබ්‍රාහිම්ලාගේ කෝටි 100 ක දේපළ රාජසන්තකයි – සුපිරි නිවසට හොර ඔප්පු හැදූ 5කුත් අත්අඩංගුවට

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ...

රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොරෝනා

කොළඹ කොටුව, නාරම්මල, කටුපොත යන ප්‍රදේශවල රාජ්‍ය බැංකු නිලධාරීන් පනස් පස් දෙනකුට කොවිඩ් ආසාදනය...

අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ  දැවැන්ත යෝධ දළඹුව හමුව ඇති බව එහි...

ඉදිරි සති තුන තීරණාත්මකයි – යුද හමුදාපති

ඉදිරි සති තුනක කාලය තීරණාත්මක කාලසීමාවක් නිසා අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල...

“අනේ පල ….. උඹ මොකෙද්ද බන්… ඒයි ගහන්න එපා..!! සාමකාමීව සමරපන්..!!”

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද පාර්ලිමේන්තුවේදී...

කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x