27 C
Colombo
Sunday, April 11, 2021

රටම කතාකල ජපන් තරුණිය සෝරාල සිය කුළුදුල් දරු පැටවා බිහි කරයි

කාගෙත් කතාබහට ලක්වුණු ජපන් ජාතික තරුණියක්, මෙරටට රැගෙන ආ කසුන්, පෙරේදා පිය පදවිය ලබා තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී යි.සෝරා නම් මෙම ජපන් ජාතික තරුණිය, කසුන් විසින් මෙරටට රැගෙන විත් තිබුණේ දැඩි නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමිනුයි.

කෙසේ නමුත් මෙම පෙම්වතුන් යුවළ කාලයක් ගත වූ පසු, පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ වන විටත් සෝරා ගැබ්ගෙන සිටි බවයි වාර්තා වුනේ. බාලවයස්කාර තරුණියක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් කසුන්ට චෝදනා එල්ල වුණා. එම තරුණිය සඟවාගෙන සිටි බවට කසුන්ගේ මවට හා නැගණියටත් චෝදනා එල්ල වුණා.

මොවුන් සියලු දෙනාම මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබුවා. ඒ පිළිබඳව නඩු කටයුතු තවදුරටත් පැවැත්වෙනවා. තම දියණියව කසුන් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවට සෝරාගේ මව විසින්, ජපාන පොලිසිය හරහා මෙරට පොලිසියට පැමිණිලි කර තිබුණා.

මොවුන් අත්අඩංගුවට පත් වෙන්නේ එම පැමිණිල්ල අනුව යි.

පොලිස් අත්අඩංගුවට පත් ගැබ්ගෙන සිටි සෝරා අධිකරණය විසින්, පරිවාස භාරයට පත් කරනු ලැබුවා. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර උසාවිය මඟින් සෝරාව නැවතත් කසුන්ට ලබා දී තිබෙනවා. ඒ අනුව, මීට දින තුනකට පෙරදී සෝරා තම කුළුඳුල් දරුවා මෙලොවට බිහි කර තිබෙනවා. ඒ පිරිමි දරුවෙක්.

මෙම සම්බන්ධයට දැඩි විරුද්ධව සිටි සෝරාගේ මව, මේ වන විට මෙම දෙපළට ආශිර්වාද කරමින්, සෝරාගෙත් දරුවාගෙත් සියලු වියදම් පවා ලබා දී ඇති බව කසුන්ගේ මව හිරුට පැවසුවා. කෙසේ වෙතත්, තවමත් මොවුන් විවාහ වී නැහැ. ඊට හේතු වී ඇත්තේ සෝරා තවම බාලවයස්කාර දැරියක වීමයි.

නමුත් ජපානයේ නීතියට අනුව, සෝරාගේ වයස විවාහ වීමට බාධාවක් නොවේ.

ඒ අනුව, සෝරාගේ මව විසින් මේ වන විටත් ජපානයේ නීතියට අනුව මොවුන් ව විවාහ කර දීමට අවශ්‍ය සියලු නීතිමය පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා. ජපානයේ විවාහ සහතිකයත් තානාපති කාර්යාලය හරහා මෙරටට එවා ඇති බව ද සඳහන්.

එම විවාහ සහතිකය මෙරට අධිකරණය විසින් පිළිගත් පසුව මෙරට පිහිටි ජපන් තානාපති කාර්යාලයේදී මෙම සුන්දර විවාහ ගිවිස ගැනීම පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
109
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
1
කුජීතයි !
2
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පුෂ්පිකා රෝහල්ගත කෙරේ.. කිරුළ පැහැර ගනිද්දී හිසට තුවාලයි..

විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර...

ලෝකයම මෙරට විවාහ රූ රැජින කිරුළ ගැන කතා කරද්දී, පියුමි හංසමාලි බුකියේ තැබු සටහන

මෙරට විවාහ රූ රැජින තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුණේ, මෙරට මාධ්‍යයට සහ ජාත්‍යන්තර මාධ්‍යයට...

ඩොක්ටර් නැන්දි කැමතිනම් විතරක් ඊළඟ ආත්මේ මගේ අම්මා වෙන්න

පවුලේ කෙනෙකුට සුවකරන්න අපහසු ලෙඩක් හැදුනොත් ඒ පවුලම කොයි තරම් අසරණ වෙනවද..?පිළිකා රෝගය කියන්නෙත්...

විවාහක රූ රැජිණ තරගය බාල්දු කරමින් තරගයේ සිදු වු වරද

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී විශේෂ...

චන්දිමාල් ජයසිංහ කියන අමුතුම කතාව

ලෝක විවාහක රූ රැජින වූ කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර එම අවස්ථාවේදී මත්පැන් පානය...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x