31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

රටම කතා කරන, එක්ස්ප්‍රස් පර්ල් නැව විටින් විට ගිනි ගන්න හේතුව එළියට

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් අද පස්වරුවේ ළගා වුණා.අදාළ ටග් යාත්‍රාව මගින් නෞකාවේ ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු අද දෙවන දිනට තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වී සිටිනවා.

අද දහවල් නෞකාවේ ගින්න දැඩි ලෙස ව්‍යාප්ත වු අතර පස්වරුවේ එය යම්තාක් දුරට පාලනය වුණා.

එසේම අද ශ්‍රි ලංකා වාරය අධිකාරිය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නැව් සමාගමේ මෙරට නියෝජිතයන් ඇතුළු කේෂ්ත්‍රයට ආදාළ පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡා 4 ක් පැවැත් වුණා.

ඒ ගිනි ගැනිමට ලක් වි ඇති නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි.

එමෙන්ම, ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි නෞකාවේ දේශීය නියෝජිතයා ප්‍රකාශ කළේ.මෙරට සාගර කලාපයට සිදු වි ඇති හානි සොයා බැලිම සඳහා ගින්න හට ගත් නෞකාව අවට සාගරයේ ජල සාම්පල රැගෙන ඒම අද සිදු කෙරුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පොලීසියට තර්ජනය කළ යුවල

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ...

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ සිහින්...

ලංකාව කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න අපොහොසත් රටවල් අතරට

ශ්‍රී ලංකාවද ඇතුළුව ලෝකයේ රටවල් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් තම ජනගහනයට කොවිඩ්...

ශ‍්‍රී ලංකාවේ සියළු විදේශ ණය ගෙවා දමා දියුණු කරන්න සූදානම් බව දෙමල ඩයස්පෝරාව කියයි..

විදේශ ණය සියල්ල ගෙවා දමා ශ්‍රී ලංකාව දියුණු කිරීමට තම සංවිධානයට හැකියාව ඇතැයි දෙමළ...

කොවිඩ් මරණ 55ක්

කොවිඩ් ආසාදිත මරණ 55ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x