28 C
Colombo
Saturday, May 15, 2021

රටම ලොක්ඩවුන් නොකිරීමට හේතුව මෙන්න

කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාත්මකව වැඩි වුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සලකා කිසිදු විටෙක සමස්ත රටම අගුලු නොදැමීමට රජයක් ලෙස තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර (28) පෙරවරුවේ පැවති ද්වි පාර්ශ්වික සාකච්ඡා අතරතුරදී ඔහු එසේ පැවසීය.

මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත්කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පවතින වසංගත තත්ත්වය සමග කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය වී ඇති බැවින් එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහාචීනයේ සහයෝගය බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙ චීනයේ සිනෝෆාම් එන්නත් 600,000ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කරන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
4
හරි හිනා !
17
හම්මෝ !
6
මාර දුකයි !
11
කුජීතයි !
17
මලපනිනව !
39
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ...

කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන...

මුව ආවරණ නො පැළඳ සිටින පුද්ගලයන් ඔසවාගෙන යාම තහනම්

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම...

ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව...

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්...

තවත් කොරෝනා ආසාදිතයන් 1732ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1732 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x